4-

1.8K 267 34
                                    

ගිනියමට උණ තියෙන තාත්තාගෙ නලල පුරාම විලම්භීතව මම අත ගෙනිච්චා. මම මේ කෙනාව මෙච්චරම මෙහෙම කඩන් වැටෙනවා දැකලා තිබ්බේ නෑ. මම  දවස පුරාම හිටියෙ බඩගින්නෙ. ඒත් එක හිතේ ගින්නට දැනුනේ නැතුව ඇති. ටික වේලාවකින් කැද එකක් තාත්තට හදලා දෙන්න කියලා ගෙදරට ආවා ලලිත් අයියගෙ වීල් එකෙම.

ඉන්න මට දොර වහන්න අමතක වුනා නේද? දොරත් හායි ගාලා ඇරලා දාලා මම වට පිට බලලා ඇතුලට යද්දී එක එක සද්ද. කුස්සියට යද්දී දැක්කේ අපේ සෙට් එක මොන මොනවද කරනවා 

"තොපි මොකද මෙහෙ." මම ටිකක් අමනාපෙන් වගෙම සැරෙන් ඇහුවා.
"අපි ආවා ඇයි තෝ මොනවා කරන්නද?" ටොපා මට සැර කරද්දි විනෝද් ඇවිත් ෆෝන් එක දුන්නෙ. යකෝ තාත්තා කෝල්ස් බරටම අරන්.

"තෝ ෆෝන් එක ගැන බලපන් නිතරම. තාත්තා තනියමනෙ බල්ලො ගෙදර ඉන්නෙ" මගෙ ඇග කීරි ගැහුනා. සෙට් එක කුස්සියෙ උයනවා, භාජන හෝදනවා, පොඩියලා ගියා ගේ අස් කරලා දාන්න. මේක අමුම අමු ශ්‍රමදානයක්. මගෙ පැටව් ටික... මම හිතින් කියලා ඌන්ට ඕනේ බම්බුවක් කරගන්න දීලා කැද එකත් අරන් යද්දී ටොපා ආවා බයික් ලඩියෙ යමන් කියලා. මේක ඇත්තටම බයික් එකක් නෙවේ. ලඩියක් අපේ තාත්තාගෙ. මෙච්චර හම්බ කරලත් නෙවේ අඩුම හොද බයික් එකක්වත් ඔය යකා ගන්නෙ. ඉතින් 1960 දශකෙ බර ගනන් වල හුටු හුටුවෙන් මම ටොපා එක්ක බයික් එකෙ හොස්පිටල් එකට ගියා. මේක ප්‍රවට් එකක් නිසා අවුලක් නෑ. සල්ලි නම් මොනාද බ්‍රෝ තාත්තා අට්ටි ගහලා තියෙනවා. මෙහෙම වෙලාවට නොගෙන කවදා ගන්නද ඕවා. එකම දරුවා මම වෙච්ච කොට මටත් අතරමන් නොවි ඉන්න පාරක් තියන කොට තව මොන කතාද මේවා මට දෙන්නෙ නැතත් මම ගන්නෙත් නෑ.

"මොකො බං උඹ ඔය වෙව්ලන්නෙ.." හොස්පිටල් එකට යද්දී මගෙ අත අල්ල ගත්ත ටොපා එහෙම අහද්දී මම ආයෙත් හිනා වුනා.

"කියපන්කො..."

"මම අම්මා නැති වුනාට පස්සෙ හොස්පිටල් එකකට යන්නෙ නෑ ටොපෝ... මොකද මට බය හිතෙනවා මම බලන්න යන ලෙඩා මාව දාලා යන්නම යන්න ගියොත්. අවුරුදු 2කේ පොඩි එකෙක් වෙච්ච මට එදා නොතේරුනත් දැන් මේකෙ ඇතුලේ මිනිස්සුන්ගෙ වේදනාව එකක් ඇර එකක් තේරෙනවා. මම ලෙඩ වලට බයයි. මම මගෙ තාත්තා ලෙඩ වෙනවට තමයි ගොඩක්ම බය.."

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ