හිත් අස්සෙ අපිට ඕනේ විදියට අපිට ඉන්න බෑ... මට ඒක දැන් දැනෙනවා. ප්රතික්ෂේප වෙනවා කියන දේ හොදද නරකද මම තාම අහනවා.
ඔයා කෙනෙක්ට ආදරේ නම් ඔයා එයා ඔයාට ආදරේයි කියන්න හිතින් උලුප්පලා පෙන්න ගන්නවා. එත් ඇත්තටම ඒවා හරි සුලු සුලු දේවල් ඔයාට මහමෙරක් වෙන. ඉතින් නවතින්න අපි ආසම තැනකත් අපිට අස්වැසිල්ලක් නැති වුනාම අපි විදවනවා. එක ලෝක නියතයක්. මට ඕනේ දේ මට නොලැබුනත් වෙන තැනක සතුටින් ඇති... හේයියා බම්බුව තෝ කැමති නම් අනුන්ගෙ බණ පැත්තකට දාලා ඒ දේ උඹේ කරගනින්. අනුන්ගෙ සතුටට උඹ සතුටු වෙලා දන්සල් දෙන්න යන්න එපා උඹේ හිතත්. මට දැන් හිතුනොත් මේ ගුලි වෙලා ඉන්න එකාව මගෙ කරගන්න. ඔය තියෙන ලොකුකම් අමතක කරලා මම මූව බැදලා යනවා තායිලන්තේ. ඉන්න එහෙ නේද ගැරඩි කන්නෙ. කමක් නෑ කෑම නම් මොනවා හරි කරගන්න බැරියෑ මුලින් සම්මත වෙන්න ඕනේනෙ. ඊට පස්සෙ මූට ශුක්රාණු දීලා බඩ කරවලා ලමයෙක් හදනවා. ඉන්න මූට දීලා කරගන්න මූට ඩිම්බ නෑනේ. ඉල ඇටයක්නෙ. ආයෙ මුල ඉදන් යමු.
අපි මුලින්ම මූව අරන් තායි පනිමු. පස්සෙ මූව දැලේ දාන් කසාද බැදලා මේ ප්රෝපටි එක මගෙ නමට ගන්නවා. තාත්තාගෙ පේන්ටන්ට් එවාත් මටම හරව ගන්නවා. තාත්තා අර මොනවද හොයාගන්න එකෙක් කිව්වානෙ. ඉතින් ඒවත් කරලා පස්සෙ මම මූගෙ සල්ලි වලින් බිස්නස් එකක් දාගන්නවා. එත් ඉන්න මූ එක්ක මම ලමයි හදන්නෙ කොහොමද? ඌනුත් මහා එකා වගෙ පණ්ඩිත වුනොත් මොකද කරන්නෙ. ආෂ් මැද්දෙන් පනින්නෙ නැතුව පිළිවෙලට හිතපන්කො. හරි පස්සෙ
"හේයි..."
පොඩ්ඩක් ඉන්න... මම හිත හිත ඉන්න දේවලට මොකෙක්වත් ඩිස්ටර්බ් කරනවට මම ආස නෑ...
ඊට පස්සෙ අපි...
"මූ මොන ලෝකෙකද මන්දා ඉන්නෙ..." අර පොළගි මගෙ කනට අත්පුඩි ගනවා.
"ලංකාවේ."
"පෙන්නෙ නම් නෑ. නිකන් එලොව වගෙ දිවත් එළියට දාදා මොනවද මනෝ ගැහුවේ."
"එක මොකටද ඔයාට."
"අපේ එකාටත් වෙන යාලුවො නැද්ද මන්දා.""නැති නිසානෙ මම මෙතන ඉන්නෙ. මොන මගුලක්ද මේ... ඇයි යකෝ.."
"ඇයි ඔයා මොකක්ද කියන්නෙ."
"කියන දේ අහන්න ඕනෙද? සද්දෙ නොදා ඉන්නවා."

ESTÁS LEYENDO
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
No Ficciónදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚