Napuruwessa 2-02

835 25 0
                                    


නපුරු වැස්ස 2 ( 2 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

' ම..ම්..ම..' ආරන්‍යාගේ ඇසිපිය වේගෙන් සැලුනත් කෙල්ලගෙ මුවගට වචනයක්වත් ආවේ නැතිවෙද්දී ඇය ඉක්මනට ලවාන්ත්ගේ එහා පසින් දාලා පාර පැත්තට දුවන්න ගත්තේ එකපාට මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරිව ඒ පැත්ත බලපු ලවාන්ත් හිස පිටුපස අතාගමින් ඒ දිහා බලන් ඉද්දී..ආරන්‍යා කීයටවත් හිතුවේ නෑ ලවාන්ත් මේ විදිහට ඇවිත් ඇයට කතා කරයි කියන්න..

ආරන්‍යා ප්‍රධාන පාර පැත්තට යනවා දැකපු කොල්ලා ඉක්මනට හෝටලය පැත්තට ආවේ හෝටලේ ඉදිරිපැත්තෙන් මතු වුනොත් කෙල්ලට කතා කරන්න අවස්ථවාක් හම්බෙයි කියලා..ඒ වුනත් කොල්ලා ආ මගම නැවැතුනේ ස්වංක්‍රීය දොර ඇරෙනවාත් එක්කම ආපු පුද්ගලයා දැකලා...

'  තිනුකයා..' ලවාන්ත් එහෙම කියාගෙනම ඉස්සරහාට එද්දී තිනුක ආවේ කොල්ලාට අතත් දික් කරගෙනම..ලවාන්ත් ඒ අත අල්ලගෙන ඔහුව වැලදගෙන පිටට තට්ටුවක් දැම්මේ හෝටලෙන් පිටත මාර්ගය දිහා බලන ගමන්..

' කාවද බලන්නේ...' තිනුකත් කොල්ලා හැරෙන දිහා බලාගෙන අහද්දී ලවාන්ත් මුකුත් නෑ කියන්න වගේ හිසින් සන් කරලා ආයෙමත් ඒ පැත්ත බැලුවා..

' මුකුත් නෑ වෙන්න බෑ..' ලවාන්ත් නෑ කිව්වාට ලවාන්ත්ගේ ඇස් බොරු කරන නිසා තිනුක කිව්වේ හෝටලයෙන් පිටතට දෑස් යොමු කරන ගමන්...

' කාර් එකේනේ ආවේ..යමු..ඉක්මනට..' තිනුකට හිතන්නවත් කාලයක් නොදී ලවාන්ත් ඔහුගේ අතින් ඇදගෙන ස්වංක්‍රීය දොර හරහා පිටතට ආවේ කලබලයෙන්...

' ඇයි බං..මොකෝ..'

' වාහනේ අරන් වරෙන්..ඉක්මනට..' තිනුකට එහෙම කියාගෙන ලවාන්ත් දුවගෙන වගේ හෝටල් භූමියෙන් පිටත පැත්තට යද්දී මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරිව වගේ තිනුක පය ඉක්මන් කරලා රථගාල පැත්තට ගියේ ලවාන්ත් තනියම නිසා ඉක්මනට වාහනෙත් අරන් පිටතට යන්න...තිනුකගේ කාර් එක ලවාන්ත් ලග නවතද්දි කොල්ලා දුවගෙන වගේ ඇවිත් කාර් එකට නැග්ගේ...
 
'ඉක්මනට ඉස්සරහට යමන්..' ලවාන්ත් කියන ක්ෂණික තිනුක වාහනේ ඉස්සරහාට ඇද්දුවේ ලවාන්ත්ගෙන් ප්‍රශ්න රැසක් අහමින්..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now