නපුරු වැස්ස 02 ( 25 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි' ඇයි දොර වැහුවේ..දොර අරිනවා..' ආරන්යා උපරිම වෙරගෙන ලවාන්ත්ගේ අත ගසා දමා දොර ලගට යන්න හැදුවේ කේන්තියෙන් කෑගහමින්..ඒත් ලවාන්ත් දොර හරස් කරලා හිටගද්දී ආරන්යාගේ මතකෙට මුලින්ම ආවේ අවුරුදු හයකට කලින් ලවාන්ත් මේ විදිහට ඇයට මග අහුරපු විදිහ...ලවාන්ත්ගේ මතකෙට එය ආවේ නැහැ කිව්වොත් බොරුවක්..ආරන්යාගේ සිදුවීමත් එක්ක වුන හැම දෙයක්ම , හැම තත්පරයක් ගැනම ලවාන්ත්ගේ මතකයේ ඇලිලා තියෙන්නේ නොමැකෙන ලෙසමයි...
' එහාට වෙනවා ලවාන්ත්..කිව්වාම අහලා එහාට වෙනවා..' ආරන්යා දරුණු වෙලා...පුංචිම ගැස්මක්වත් ඒ මුහුණේ දිස්වුනේ නැහැ..
' ෂ්ෂ්...ෂ්..' ලවාන්ත් ඇය දිහා රවා බලමින් දෙතොල් මත ඇගිල්ලක් තබා සන් කරේ නිශ්ශබ්ද්ද වෙන ලෙස..
' ඇයි කෑගහන්න එපා කියන්නේ...තමුසෙගේ යාලුවෝ නිසාද...මේ දොර අරිනවා ලවාන්ත්..ලැජ්ජා නැද්ද..' ආරන්යා කෝච්චිය වගේ කියවන ගියත් ලවාන්ත් අඩියෙන් අඩිය ඇයට ලංවෙද්දී කෙල්ල අඩියෙන් අඩිය පිටිපස්සට ගියේ ඒ හා සමානව කටහඩත් හීනවෙද්දී..
' මොකද මේ..මට යන්න දෙනවා..එහාට වෙනවා ලවාන්ත්..' ඇය දත්මිටිකාගෙන කිව්වේ ලවාන්ත්ව මරන් කන්න තරම් තරහෙන්..ඒ වුනත් ඇය ඇතුලතින් ගැහෙනවා..පිටිපස්සෙන් පිටුපසට ගිය කෙල්ල සෝපාවේ හේත්තුවෙද්දී ලවාන්ත් ඒ ක්ෂණිකවම ඉක්මනින් ආරන්යා ඉදිරියෙන් සිටගත්තේ ඇයට එහාට වෙන්නවත් කාලයක් නොදී..කෙල්ල රවාගෙන ඔහු දිහා බලද්දී ලවාන්ත් ඒ මුහුණට පාත්වුනේ කෙල්ලට බයට කෙලගිලෙද්දී..
' මොකද කෑගහන්නේ..මාව ආයේ දකින්නවත් ඕනේ නෑ කිව්වානේ..අහ්...ඔයාම හොයන් ඇවිත් ඔයාම කෑගහන්නේ ඇයි ?' ලවාන්ත් කෙල්ලගේ දෙතොලටම පහත්වෙලා ඇහුවේ ආරන්යාගේ කලබල වී එහෙ මෙහේ දුවන දෑස් දිහා එක එල්ලේ බලාගෙන..ඒ ඇස්වල තිබ්බේ දෙගිඩියාවක්..ආරන්යා යමක් කියන්න හදද්දී ලවාන්ත්ගේ දෑස් ඇගේ දෑසින් මිදී කෙල්ලගේ දෙතොල් මතට වැටුනේ ආරන්යා කියන්න හදන දේ දැනගන්න වගේ..
' ඔයා...ඇයි..මා..' ආරන්යා කතා කරන්න හැදුව පළමු තත්පරේ ලවාන්ත් ඔහුගේ දෙතොලින් කෙල්ලගේ දෙතොල් මත සිපුමක් තියලා ඇය දිහා බැලුවේ ආරන්යා මොහොතකට ගල්වෙලා වගේ ඇසිපිල්ලම්ක්වත් ගහන්නවත් අමතකව ඔහු දිහා බලන් ඉද්දී..ලවාන්ත් වුනත් බයවෙලා වගේ කෙල්ලගේ පුදුමයෙන් පිරුණු දෑස්වල ඔහුගේ දෑස් එහේ මෙහේ යැව්වේ ඔහු කරේ මොකක්ද කියලා සිහියට එද්දී...තුන්හිතකවත් එහෙම දෙයක් කරන්න අදහසක් තිබ්බේ නැතිවෙද්දී ඒ මොහොතේ හිතට දැනුන ක්ෂණික සිතුවිල්ල නිසා කොල්ලා ඒ දේ කරත් විදුලි සරක් වැදුනා සේ ඉක්මනින් එහාට වුනා..ඒ තත්පරේම දෙන්නම බයවෙලා වගේ බලන් ඉද්දී ආරන්යාගේ පුදුමය හැරුනු කොට වෙනම ප්රතිචාරයක් නොමැතිවෙද්දී ඇගේ දෑස්වල ඔහුගේ දෑස් දුවවමින් සිටි ලවාන්ත් එක් අතක් ඇගේ ඉන මතින් තියමින් කෙල්ලගේ දෙතොල්වෙත පාත්වෙද්දිම ආරන්යා කෑගහගෙන බිම ඉදගත්තේ දෝතින්ම මුහුණ වසාගෙන...
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️