32

269 12 0
                                    

නපුරු වැස්ස 02 ( 32 කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

ආරන්‍යා බලාගෙන හිටියේ කිසිදෙයක් නොවුනා වගේ ගිය ලවාන්ත් දිහා..ලවාන්ත් පිටවෙනවාත් එක්කම එතන සිටි පිරිස ටිකෙන් ටික ඉවත්වෙද්දී හේෂිත් හා තිනුක හෝටලේ කාර්‍යමණ්ඩලයේ උදව්වෙන් සුදේශ්ව එතනින් අරගෙන යද්දී දුලාන් හා සචින් විදේශිකයා සමග කතා කරමින් හිටියේ...ආරන්‍යා තවමත් ගල්ගැහිලා වගේ විදේශිකයා හා කතා කරන ලවාන්ත්ගේ මිතුරන් දිහා බලාගෙන ඉද්දී ඇය ලගින් ඇවිත් කිෂාලි හා තිදිනි හිටගත්තේ කෙල්ල ගැස්සිලා වගේ ඔවුන් දිහා බලද්දී..

' මොකක්ද ඔයාගෙයි ලුවිගෙයි රිලේෂන්ෂිප් එක..' තිදිනි ඇහුවෙ කෙල්ල දිහා ඔරවගෙන වගේ බලමින්..

' අර මනුස්සයා කිව්ව එක ඇත්තද? ' කිෂාලි අහද්දී ආරන්‍යා අසරණ බැල්මකින් කෙල්ලෝ දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා..ඒ එක්කම එතනට හේෂිත් දුවගෙන වගේ ආවේ තිදෙනාම ඔහු දිහා බලද්දී..

' ආරන්‍යා ඔයා යන්න..' ඔහු කියද්දී හිස වනපු කෙල්ල ඉක්මනට එතනින් ඉවත්වුනේ ඇවිදගන්නවත් දෙපා පණ නැහැ කියලා හැගෙද්දී..

  මාසයකට වඩා අතුරුදහන් වෙලා හිටිය ලවාන්ත් මේ විදිහට එකපාට මතුවෙයි කියලා කෙල්ල හිතුවේ නැහැ..විදේශිකයාගෙන් ලැබුන අයුතු යෝජනාව ඉදිරියේ කෙල්ල අසරණවෙද්දී ආරන්‍යා හැදුවේ එය නොතේරුනා සේ එතනින් මාරුවෙන්න වුනත් එකපාට ලවාන්ත් එතනට කඩා පැන්නේ ආරන්‍යා හිටිතැනම ගල්වෙද්දී..අයුතු යෝජනාව නිසා ඇතිවුන බයට වඩා කෙල්ලව ගැහෙන්න ගත්තේ ඇයගේ කතාබහා ලවාන්ත් අහගෙන හිටියා කියලා තේරුම්යද්දී..

ලවාන්ත් කෙලින්ම සුදේශ්ගෙන් ප්‍රශ්න කරද්දී ඔහු අහපු විදිහෙන්ම කෙල්ල තේරුම්ගත්තා ලොකු විනාශයක් සිදුවෙන්න යන බවක්..ඒ නිසාමයි ආරන්‍යාට ඕනේ වුනේ මේ ප්‍රශ්නේ ඔවුන්ට විසදගන්න ඉඩහැරලා ලවාන්ත්ව එතනින් ඉවත් කරන්න..ඒ වුන කතාබහා ඉදිරියට යද්දී ආරන්‍යාගේ හිතට කේන්තියක් දැනුනේ ලවාන්ත් එක්ක..මේ සියල්ල ඔහු නිසා..ඇය මේ වගේ තැනක වැඩ කරන්නේ ඔහු නිසා..මිනිස්සුන්ගේ අයුතු යෝජනා ලැබෙන්න , මිනිස්සු ඉස්සරහා අසරණවෙන්න වුනේ ඔහු නිසා..ඒ නිසාම හිතට දැනුන වේදනාවට කේන්තියෙන් කෑගැහුවාට මොකද එතනින් එහාට අඩි දෙකක්වත් යන්න බැරිවුනේ ලවාන්ත් සුදේශ්ට පහරදෙද්දී..ආරන්‍යා කීයටවත් හිතුවේ නැහැ ලවාන්ත් පහරදෙයි කියලා..සුදේශ්ට එක දිගට පහරදෙද්දී ආරන්‍යාට හිතාගන්න බැරිවුනා කරන්න ඕන දේ..කෙල්ල හුස්මගන්න අමතකවෙලා බයෙන් බලාගෙන හිටියේ..වටපිටේ මිනිස්සුන්ගේ කසුකුසුව , ලවාන්ත්ගේ මිතුරන් පිස්සුවෙන් වගේ ඔහුව ගලවගන්න උත්සහා කරන විදිහ දිහා ආරන්‍යා බලාගෙන හිටියේ හිස්බැල්මකින්..ඇයව මැදිකරගෙන හතර වටේම ගිනි ඇවිලෙනවා වගේ හැගීමක් කෙල්ලට දැනුනේ..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now