නපුරු වැස්ස 02 ( 57 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි******
'මට තව දුරටත් මෙහෙම ඉන්න බෑ..ඒත් මම මොනවාද කරන්නේ..' මගේ හිත කෑමොර දෙන්න ගත්තා..හිතුවා වගේම ඊයේ රාත්‍රියේ මගේ අසලට නින්දනම් ලගා වුනේ නැහැ..සයනයේ ඒ මේ අත පෙරලමින් නිදාගන්න උත්සහා කරා මිසක මම කල්පනා කරේවත් නෑ..
' මට නිදාගන්න ඕනේ..මට හොද නින්දක් ඕනේ..' දහස්වතාවක් විතර මම මුමුණ ගන්න ඇති..ඒ මිමිණිල්ල මගේ හිත විඩාපත් කරලා තිබ්බේ.. උදෑසන හිරු කිරණ ජනෙල් තිර පසාරු කරගෙන කාමරේට එද්දි මම සයනයෙන් බැසගත්තා..
' තේ ඕනේද ? ' අම්මා ඇහුවේ අඩවල් කර තිබූ දොරෙන් එබිලා බලලා..මම හිසවනාගෙනම නැගිටගත්තා..
නානකාමරේට වැදී කන්නාඩිය ඉදිරියේ සිටගත් මම ඒ දිහා බලාගෙන හිටියේ හිස්බැල්මෙන්..නිදි නැති ඇස් ගිලිලා ගිහින්...මුහුණ විඩාබරයි..දෑස් වටා දම් පැහැයක් අරන්..මුව කට සෝදා ගත දෝවාගෙන මම කාමරෙන් එලියට ආවේ අම්මා තේ එකත් අරන් කාමරේට ඇතුළුවෙද්දිමයි..' බිස්කට් නැද්ද ? ' මම තුවාය පිටින්ම පුටුවේ ඉදගනිමින් අහද්දි අම්මා හිසවනාගෙන කාමරෙන් එලියට ගියා..ටිකකින් ඇය පැමිණියේ ටිකිරි මාරි පැකට් එකක් අරගෙන..
' මොකද මූණ අමුතු..'ඇය ඇසුවේ බිස්කට් එක මගේ අත දිගු කරමින්..
' ඔළුව රිදෙනවා..' මම බොරුවක් කියාගෙනම තේ උගුරක් බිව්වා..කොහොමත් තව ටික වෙලාවකින් ඔළුව රිදෙන්න ගන්නවා කියන්න අත්දැකීම් මම දන්නවා..ඒ නිසාම බිස්කට් දෙක තුනක් කාලා පැනඩෝල් පෙති දෙකක් බිව්වේ පෙර සුදානමට..සැහැල්ලු ඇදුමකට මාරුවුන මම සයනයේ වැතිරුනත් කල්පනා කරන්නවත් , මොකක්ද කරන්න ඕනේ කියන එකවත් මගේ මනසේ වැඩ කරේ නැහැ..රෙෂාන්ගෙන් ඊයේ ඉදන්ම ඇමතුමක්වත් නැති හින්දා මම ඔහුට ඇමතුමක් ගත්තේ අදවත් මේ කාලය කා දමන සම්බන්දේ ගැන ඔහු හා නැවත වරක් කතා කරන්න හිතාගෙන..ඔහුගෙන් ගැලවෙන්න බැරිවුනත් මට මගේ ජීවිතේ හදාගන්න අවස්ථාවක් දෙන්න ඉල්ලන්න මම හිතාගත්තා..ඔහුට ඕනේ නම් ඊලග මොහොතේ හෝ විවාහ වී මගේ කැමැත්තටත් අවස්ථාවක් ඉල්ලන්න මම හිතාගත්තා..කීපසැරයක්ම රෙෂාන්ගේ දුරකථනයට ඇමතුම් ගත්තත් ඔහු එයට සම්බන්ධ වුනේ නැහැ...ඒත් මට ඕනේ වුනේ ඔහුට මේ මොහොතේම කතා කරන්න..තව පරක්කු වෙන්න වෙන්න ඔහුට කියන්න හිතේ පොදිගහගත්තු දේවල් අමතක වෙයි කියලා මට හිතුනා..ඒත් කෙතරම් ඇමතුම් ගත්තත් ඔහු දුරකතනයට සම්බන්ධ වුනේ නැහැ..දුරකතනය පසෙක තියා මම දෑස් පියාගත්තේ නිදාගන්න හිතාගෙන වුනත් හිතට ආපු ක්ෂණික අදහසක් නිසා මම දුරකතනය ගෙන වෙලාව බැලුවා..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romantikනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️