නපුරු වැස්ස 02 ( 58 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයිඅදට දවස් තුනක්..මම බලාගෙන හිටියේ රෙෂාන්ගේ මව ඇමතුමක් දී ඔහු ගැන කොයියම් මොහොතක හෝ කියයි කියලා..සේරටම වඩා මට කේන්ති මිනිස්සු කපටිකම් කරද්දී..තවත් ඉවසලා බැරිම තැන මම ඇයට ඇමතුමක් ගත්තා..
' හෙලෝ..රෙෂාන් කෝ..' ඇය ඇමතුමට සම්බන්ධ වෙනවාත් එක්කම මම ඇහුවා..
' හෙලෝ..ආ රෙෂාන් මේ..පොඩි කරදයක් වුනානේ..ඔයා කියන්නත් එපා කිව්වා..' ඇය ගොතගැහෙනවා..මට හිනාගියේ ඒ කපටිකමට..අපේ අම්මලා තමා අපේ වැරැද්දක් තිබ්බාත් ලෝකේටම කියන්න සෑදී පැහැදී ඉන්නේ...
' ඇයි හිරේවත් ගියාද ? ' මං හිනාවේගෙනම ඇහුවා..
' ඔයාට කවුද කිව්වේ..' ඇය එක්වරම පුදුම වුන බවක් පෙනුනා..
'ඒ කියන්නේ ඇත්තටම එහෙමද ? මට කවුරුත් කිව්වේ නෑ අනේ..කරදරයක් කිව්වාම වෙන මොනවා හිතන්නාද ? ' මම නෝක්කාඩුවට වගේ කියද්දි ඇය 'හ්ම්' හඩක් නැගුවා විතරයි..
' එකපාට ඇවිත් අරන් ගියේ..දැන් දවස් දෙක තුනක් වෙනවා...උන්ටනම් හොදක් වෙන්නේ නෑ..' ඇය දෙස් දෙවොල් තියන්න ගත්තේ පොලිසියේ අයට..
' නිකම් ඉද්දි ඇවිත් කුදලන් යන්න පොලිසියේ මිනිස්සුන්ට රාජකාරී නැතිවද ? එහෙනම් අපිවත් අරන් යන්න ඕනෙනේ..' මම හිතුවාත් කියන්න ගියේ නැහැ..රෙෂාන් මිනියක් මරලා තිබ්බාත් ඔහුගේ මවගේ කටින්නම් ඒ ගැන අහගන්න ලැබෙන් නෑ කියන්න මං දන්නවා..
' ඇප දීලා ගන්න බැලුවේ..හරිගියේ නෑ..ලබන මාසේ වගේ පුලුවන් වෙයි..' මගේ හිත ගැස්සුනේ ඇය එහෙම කියද්දී..රෙෂාන්ගේ නංගි නම් කිව්වේ විදිහට ඔහුට තව මාස හය හතකට එන්නේ වෙන එකක් නැහැ කියලා..රෙෂාන් සිරගත වෙන්න හේතුව මම තවමත් දන්නේ නැති වුනත් ඒ ගැන නො අසා හිටියේ කවුරුත් ඇත්තක් කියන්නේ නෑ කියලා දන්න නිසා..
'හ්ම්ම්...හරි මං පස්සේ ගන්නම්..' මම එහෙම කියලා දුරකතනය තිබ්බා..සමහර විට ඇය බොරු කිව්වා වෙන්න පුලුවන්...රෙෂාන්ගේ නාස්තිකාර ජීවිතේ ගැන මට දුකයි..ඒ වුනත් ඒ හින්දා කාලකන්නි වෙලා ගෙවිලා යන මගේ ජිවිතේ ගැන හිතද්දි මට වේදනායි, කේන්තියි..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️