Napuruwessa 62

323 12 2
                                    

නපුරු වැස්ස 02 ( 62 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

කිෂාලි අතේ එල්ලිලා ඉන්න විදිහට ලවාන්ත්ට තරහායි..ඔහු ඉන්නේ හිස ගිනි අරන් වගේ...ඊලග මොහොත ගින්නක් වෙනවා කියන්න ඔහුට විශ්වාසයි..ඒ එක්කම කොල්ලට ඇහුනේ ගී අඩන සද්දේ..දොරෙන් පිටතට එබී ඉන්නා තිනුක දිහා බලලා කොල්ලා ඇහිබම ඔසවා ඇහුවේ 'ඇයි' කියලා..

' පොඩි එකා බයවෙලා..' තිනුක කිව්වේ ලවාන්ත් දිහා නොබලාම..ඒ එක්කම ගී පෙරටත් වඩා හයියෙන් බෙරිහන් දීලා අඩන්න ගත්තේ ලවාන්ත් දොරෙන් එබි බලද්දි...අනෝමා පොඩි එකාව ගන්න උත්සහා කරද්දි ගී අනෝමාගේ අත්වලට ගසමින් ආරන්‍යාගේ බ්ලවුස් එක තදින් අල්ලන් ඉන්න විදිහ ලවාන්ත්ගේ ඇස්වලට අසුවුනා..ඒ එක්කම කොල්ලා කිෂාලිගේ අත දමලා ගසලා තිනුකවත් තල්ලු කරගෙන ඉදිරියට ගියේ ඔවුන් කොල්ලාගේ නම කියලා කෑගහලා ඉක්මනින් ඔවුන් පස්සේ එද්දී..වේගෙන් දුවගෙන ඉදිරියට ගිය ලවාන්ත් ආරන්‍යාගේ බාහුවෙන් ඇදලා ගත්තේ කෙල්ල පිටුපසට ඇදිලා එද්දී..ආරන්‍යා හැරෙනවාත් එක්කම දැක්කේ ලවාන්ත්ව..ඒ ඇදිල්ලෙන්ම කොල්ලා ඇයව අඩි ගානක් පිටුපසට එක්ක ගියේ ඒ අනපේක්ෂිත සිදුවීමෙන් ආරන්‍යා බයවෙලා රුවන් දිහා බලද්දි..ඔවුන් හැමෝගෙම ඇස් තිබ්බේ ඇයව බලෙන්ම ඇදන් යන ලවාන්ත් දිහා..

' ලවාන්ත්..' කෙල්ලට හයියෙන්ම කියවුනේ ඔහු ඇගේ බාහුව මිරිකන් වගේ ඉන්න නිසා..ඒ එක්කම ආරන්‍යා දිහා කේන්තියෙන් බලාගෙන ඔහු ගීව බලෙන්ම වඩාගත්තේ ගී දගලමින් ලවාන්ත්ගෙන් මිදෙන්න හදද්දී..

' ගී..මම ලුවී...මේ බලන්න..මම ලුවී..' ලවාන්ත්ගේ නපුරු පෙනුම සන්සුන්වෙන්න ගියේ තත්පරයයි..ඔහු හුරතල් විදිහට කියද්දී ගී ඇඩිල්ල නවතා කදුළු බේරෙන ඇස්වලින් කොල්ලා දිහා බැලුවා...අනෝමා බලන් හිටියේ ලවාන්ත් දිහා පුදුමෙන් වගේ..ගී ලවාන්ත්ගේ ගෙල වටා දෑත් යවා උරහිසේ තියාගත්තේ පොඩි එකාව බයේ ගැහෙද්දී..

' බබාවත් අරගෙන රණ්ඩු මැද්දට යන්න මොළේ හොද නැද්ද ?' ලවාන්ත් දත්මිටිකාගෙන ඇහුවේ ඔහුගේ කන් පවා රතුවෙද්දි..ඉංග්‍රිසියට හුරු ඒ සිංහල නිසාම කොල්ලා කතා කරද්දිත් හරි අමුතුයි..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now