Episode 37

191 8 4
                                    

නපුරු වැස්ස ( 37 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

' මං ගැන කවුරු අහන්නද ? ' මම හිමීට වගේ ඇහුවේ රෙෂාන්ට ඇහෙයි කියලා බයෙන්..

' ඊයේ ඔයා කඩේ ගිය වෙලාවේ කවුරුහරි මනුස්සයෙක් ආවද ? ඒ මනුස්සයා කියලා කිව්වේ...ලොකු විස්තරයක් කිව්වා..මට තේරුනෙත් නෑ..මං කිව්වා ඔයාට කියන්න කියලා..ඔයා ගිහින් අහගෙන එන්න...' අම්මාත් පුලුවන් තරම් හිමීට කි‍යද්දි මම කල්පනා කරේ යනවාද නැද්ද කියලා..කෝල් කරලා විස්තර අහන එකනම් කරන්න බැරි වැඩක්..රෙෂානුත් ගෙදර ඉන්න එකේ හොදම දේ කෝල් කරලා අහනවාට වඩා කඩේ ලගටම යන එක..

' මං දැන් කඩේට යන්නම් මොනහාරි ගේන්න යනවා වගේ..' මම එහෙම කියාගෙන හැරුනත් ආයෙමත් අම්මාගේ පැත්තට හැරුනා..

' දැන්ම යන්න හොද නැහැ..කවුද දන්නේ ඔය මනුස්සයා අවටම ඉන්නවාද කියලා..හවස් වෙලා යනවා..' මම කියද්දි අම්මාත් හිස වැනුවා..හවස් වෙනකම්ම මම හිටියේ සැරෙන් සැරේ වෙලාව බලමින්..කතාව ටයිප් කරන්න ගත්තත් එයත් නවතා දැමුවේ හිතේ උඩුදුවන ප්‍රශ්නේ නිසා..උදේ නිදාගත්ත රෙෂාන් දවල් කෑමටවත් නැගිට්ටේ නැහැ..මම දැන් එලියට බැස්සොත් ඔහු නැගිට්ට ගමන් මාව හොයනවා කියන්න මම දන්නවා...ඒ නිසාම මම රෙෂාන් ලගට ගිහින් එයාව නැගිට්ටවන්න උත්සහා කරත් කීපසැරයක් අඩ නින්දෙන් කෙදිරි ගෑව රෙෂාන් අනිත් පැත්ත හැරිලා නිදාගත්තා...

' අම්මා මං කඩේට යනවා..මෙයා නැගිට්ටොත් කියන්න රෑට කන්න පාන් ගේන්න ගියා කියලා..' මම එහෙම කියාගෙන ගෙදරින් එලියට බැස්සා..නුග ගහ ලග කඩේ ගාවට එනකම්ම ආවේ වටපිට බලමින්..මට දැනුනේම මාව කවුරුහරි ලුහුබදිනවා වගේ..

'කවුරුත් එන්නේ නැහැ..පාඩුවේ යන්න..' ඒ සියල්ල හිතේ සැකේට දැනෙන දේවල් මිසක් එහෙම කිසිවක් නොවන බව මම මටම කියාගත්තා..මගේ වෙලාවටද මන්දා කඩේ ලග කවුරුත් හිටියේ
නැහැ..ඒ නිසා මම ඉක්මනට කඩේ ඇතුලට ගියේ කවුරුහරි එන්න කලින් විස්තර දැනගන්න..

' ආ දුව..' මම කඩේට ඇතුළු වෙද්දි කඩේ අයිති ගැහැණිය ඉස්සරහාට ආවේ මුව පුරා හිනාවේගෙන..

' මම ආවේ..මේ..අම්මා කිව්වා ආන්ටිට මොකක්ද කියන්න තියෙනවා කිව්වා කියලා..කවුද මාව ඇහුවලු නේද ? ' කතාව කොහොම කොතනින් කොහොම පටන්ගන්නද කියලා හිතාගන්න බැරිව වගේ මං ඇහුවේ ව්‍යාජ විදිහට හිනාවේගෙන..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now