Napuruwessa 2-09

203 13 0
                                    

නපුරු වැස්ස 02 (09 වෙනි වැසි දවස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

ආරන්‍යා හෝටලේට ආවෙ පැමිණීමට තිබූ වෙලාවට වඩා පරක්කු වෙලා..කෙල්ල කල් තියාම නිදහසට කාරණාවක් හදාගෙනම ආවත් සුපුරුදු බැනුම් ටික අකුරක්වත් අඩු නැතිව අහගන්න වුනා..නිල ඇදුමට මාරුවෙලා මුළුතැන්ගේ දිහාවට ආපු කෙල්ල තත්පරයක්වත් පරක්කු නොකර වැඩ පටන් ගත්තා... පෙරදා තරම් බයක් හිතේ නොතිබ්බත් මුළුතැන්ගෙයි පිටත වැඩ කරද්දී ආරන්‍යාට වටපිට බැලුනේ නිතැතින්..ලවාන්ත්ගේ සේයාවක් හෝ දකී කියා සිතුවත්  ඇත්තටම ඔහුගේ සේයාවක්වත් නොමැතිවෙද්දී කෙල්ලගේ කුතුහලේ වැඩිවුනා විතරයි..ලවාන්ත් නැති නිසා වැඩිපුර පැය කිහිපයක් වැඩ කරපු ආර‍න්‍යා ගෙදර එද්දී රාත්‍රී දොළහත් පහුවෙලා තිබ්බේ..

නිවසට එන ප්‍රධාන පාර දෙසින් බැසගත් කෙල්ල ඉදිරියට ඇදුනේ දුරකතනය ඔබමින්..මධ්‍යම රාත්‍රිය පහුවෙලා වුනත් තනියම එන්න ආරන්‍යාගේ හිතේ ගැස්මක් තිබ්බේ නැහැ..ඝන කළුවර රෑට වඩා තමා ලවාන්ත්ට බයයි කියලා ආරන්‍යාට හිතුනෙම.. කෙල්ලගේ දෑස් දුරකතනයෙන් මිදී සිනහවක් නැගුනේ ඇය හිතන දේවල්වලට..ඒත් ඒ සිතුවිල්ල එතරම් වෙලා වලංගුතාව රැක ගන්න බැරිවුනේ එක්වරම ඇසුණු පා හඩක් නිසා කෙල්ලව ගැස්සිලා යද්දී...ආරන්‍යාගේ පාද අතුරු පාරෙහි නැවතුනේ ඒ මොහොතෙමයි..ඇස් කලබලෙන් ඒ මේ අත දුවද්දී කෙල්ලට පිටිපස්ස හැරෙන්න බය හිතුනා..ඒ නිසාම වේගෙන් අඩු තියාගෙන ඉස්සරවුනේ දුරකතනයේ ටෝච් එලිය දල්වාගෙන...

ගේ ලගට එනකම්ම ඇයට දැනුනා ඇගේ පිටුපසින් කවුරුන් හෝ එන බව..ඒත් ආරන්‍යා නෙවේ හැරිලාවත් බැලුවේ..කෙල්ලට හොදටම විශ්වාසයි ඒ කවුරු වුනත් ඇයට කරදරයක් කිරීමට එන අයකු නොවන බව...ලවාන්ත්ව හෝටලේ දැක්ක මුල්ම දවසේ ඉදලා ආරන්‍යා මේ වගේ දේවල් බලාපොරත්තු වුනා..ඒ වගේම ඒ දේවල්වලින් ගැලවෙන්න බෑ කියන එකත් කෙල්ල තේරුම් අරන් හිටියේ..ඒ වුනත් ඉදිරියට ගත්ත පියවර පිටුපසට තියන්න තරම් ආරන්‍යාගේ හිත දුර්වල වුනේ නැහැ...

---
' මොකද්ද කල්පනා කරන්නේ..' හේෂිත ලවාන්ත්ගේ දෙසට බියර් කෑන් එකක් විසිකරද්දී ලවාන්ත් එය අල්ලාගත්තේ ගැස්සිලා වගේ..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now