Episode 41

140 8 1
                                    

නපුරු වැස්ස 02 ( 41 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

මම ඉක්මනට නැගිටලා දුවලා ගියේ කාමරේ දොර ලගට..අය පිටතින් අගුළු දමා කීපවරක්ම විවර කරන්න උත්සහා කරේ අගුල පවා මේ මොහොතේ වැඩ නොකරොත් කියන බයෙන්..සයනය ලගට ගිය මම වටපිට බැලුවේ හරියට මගේ කාමරේ ඇතුලේ කවුරුන් හෝ ඉන්නවා යැයි වගේ..සයනය මදක් එහාට ඇද්දත් එක්වරම එය ටයිල් පොලවේ සීරීගෙන සයනයේ  කකුල ඇදීයන සද්දේ ඇහෙද්දි මම අඩියක් පිටිපස්සට ගැස්සෙද්දී..දැන් අම්මා කෑගහගෙන එනවා කියන්න මම දන්නවා..

' මොකක්ද වින්කි..' ටිකකින් දොරට තට්ටුවක් දාලා අම්මා අහද්දි මම හිටියේ හිමීට සයනය පැත්තට අදිමින්..

' ඇද පොඩ්ඩක් එහාට ඇද්දා අනේ..' මම නොරිස්සුමෙන් වගේ කියද්දි අම්මා මොනවාදෝ මුමුණනවා වගේ ඇහුනා..

ලී සයනය යටිපැත්තේ තිබූ කුඩා ලී කැබැල්ලක් අයින් කරපු මම ඒ සයනය ඇතුලත බැලුවා..මගේ මූණට හිනාවක් එන්න ඒ හැටි වෙලාවක් ගියේ නැහැ..තව ලී කැබැල්ලක් අයින් කරපු මම ඒ තුල තිබී ගත්තේ කුඩා පොතක්..ඒ මත තැවැරී ඇති ලී කුඩු විසිරී යන ලෙස කටින් හුලන් පහරක් පිම්බත් ඒවා මගේ නාසය තුලට යද්දී මම නාසයෙන් කිහිපවතාවක් හුස්ම පිටකරා..එය ඉක්මනින් පෙරලාගත් මම එහි කොනක නොපැහැදිලිව ලියා තිබූ අංක කිහිපය හා ඊමේල් ලිපිනය දෙස බලා එය නිවැරදිව මතකයට දාගනිමින් නැවත ඒ පොත සයනයේ රහස් ලාච්චුවට දමා වසා දැමුවා..ලී කෑලී දෙස කීපසැරයක් බැලුවේ එය පිටතට සැක සහිත ලෙස පේනවාද කියලා..එසේ නොවෙද්දී මම සයනය තිබූ ලෙසම තිබූ තැනටම ඇදලා තිබ්බා..ඊලගට විදුලි වේගෙන් ඇවිත් මම නැවතුනේ ලැප්ටොප් එක ලග..එහි ෆේස්බුක් ඇප් එකට පිවිසුන මම , කුඩා පොත තුල තිබූ ඊමේල් ලිපිනය හා රහස් අංකය යොදා මම විසින් කලකට ඉහතදී සාදා මම කාටත් කියන්න අකැමැති වුන රහස ගබඩා කෙරූ ෆේස්බුක් ගිණුම විවර කරා..

ඇත්තටම මම එය විශේෂයෙන් ලියා තබන්න හේතුව වුනේ මගේ අමතක වීම..කිසිම දෙයක් සංකීර්ණව නොසිතා සාමාන්‍ය විදිහට බලන්න උත්සහා කිරීම නිසා වැදගත්ම දේවල් පවා ඉක්මනින් අමතක කරන ගතියක් මට තිබ්බා..ඒ නිසාම මම කාටත් කියලා නැති දේවල් , මගේ ජිවිතේ අමුතු සිදුවීම් ලියන්න පුරුදු වුනා..පොතක පිටු අතර ලියන්න අකැමැති වුනේ ඒවා කවුරුන් හෝ අතට පත්වෙයි කියලා..ඒ නිසාම මම ඒකට යොදාගත්තේ ෆේස්බුක් ගිණුමක්..බොරු නමකින් සාදා තිබූ එම ෆේස්බුක් ගිණුම මම අන්තිමට පාවිච්චි කර තිබුනේ මීට අවුරුදු දෙකකට කලින්.. මම එහි ෆොටෝස් වෙත ගොස් ඇල්බම් කොටසට ගියා..එහි තිබූ 'ඕ' අකුර සදහන් කෙරූ ඇල්බමය විවර කරද්දි එකපෙලට වැටුනේ අහසේ පින්තූර..පින්තුර යටින් තිබ්බේ මගේ රහස..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now