නපුරු වැස්ස 02 ( 28 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි' මගේ පුතා නිදාගෙන නෙවේද හිටියේ..' ආරන්‍යා ගීගේ හිස අතගාමින් අහද්දී පොඩි එකා හිස දෙපසට වැනුවේ නිදිමත ඇස් දෑතින් පොඩි කරන ගමන්..
' අම්මිට වැඩ නෑ..' ඔහු අහද්දී ආරන්‍යා ලස්සනට හිනාවේගෙන හිස දෙපසට වැනුවේ පොඩි එකාගේ මූණට හිනාවක් එද්දී...
' ඔයත් ඇගපත හෝදගෙන දැන් නිදාගන්න නංගී..මාධව අයියත් තව ටිකකින් එයි.. අපි හෙට උදේ මේවා කතා කරමු..' පුංචි ගී නිසා ඔවුන්ගේ කතාව නවතිද්දී ශිහානි කිව්වේ ආරන්‍යාත් ඇය හා එකගවෙමින් හිස වනද්දී...
' මම ගෙදර යන්නද අක්කා..' ආරන්‍යා කාමරේ දෙසට යන්න හදලාත් කෙල්ල ඇහුවේ ශිහානිට ඔවුන්ව වදයක්දෝ කියන සැකෙන්...
' මොලේ හොද නැද්ද..මේ පොඩි එකාවත් අරන් රෑ ජාමේ කොහෙ යන්නද..' ඇය එහෙම කියාගෙන දුරකතනය අරගෙන නිවසින් පිටතට ගියේ මාධවට ඇමතුමක් ගන්න උත්සහා කරමින්...
--------
' මොකද වුනේ බං..' ලවාන්ත් කාමරෙන් එලියට එනකම් නොඉවසිල්ලෙන් බලාගෙන හිටිය කොල්ලෝ දෙන්නාම එකටම වගේ ඇහුවේ ලවාන්ත් කාමරේ දොර හරිනවාත් එක්කම..ලවාන්ත් මුකුත් නොකියා සෝෆාවේ ඇලවෙද්දී ඔහු දිහා බලාගෙන ඇවිත් ඉදගත්ත මිතුරන් දෙදෙනාට ඔහුගේ රතුවුන කම්මුල ඇස ගැටෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නැහැ..ඒ එක්කම ලවාන්ත් ඒ කම්මුල කසමින් වගේ ඔවුන් දිහා බැලුවේ කොල්ලෝ දෙන්නා ඒ දිහා බලන් ඉද්දී දැනුන අපහසුතාවයට..
' මම ආයේ කවදාවත් ආරන්‍යා දිහා හැරිලා බලන්නේ නෑ..' ලවාන්ත් කිව්වේ ඔහු ඉදිරියේ තිබූ විස්කි බෝතලයෙන් සෑහෙන්න ප්‍රමාණයක් වීදුරුවට වක්කරමින්..
' උඹ ඒක කලිනුත් කිව්වා..' තිනුක කියද්දී ලවාන්ත් ඔහු දිහා නොබලාම කටකොනින් වගේ හිනාවුනේ මේසය මත ඇති මත්පැන් වීදුරුව දිහා බලාගෙන..තිනුක හේෂිත් දිහා බලලා දෑස්වලින් ලවාන්ත්ව පෙන්නද්දී හේෂිත් තොල පිට පෙරළුවා..දෙන්නාටම ලවාන්ත්ගෙන් යමක් අහන්න ඕනේ වුනත් ඔහු ඉන්න විදිහට කිසිවක් අහන්න කාටවත් හිතුනේ නැහැ..ඔවුන් දෙදෙනාම දිහා බලලා ඇහිබම ඔසවා ඇයි යනුවෙන් සන් කරමින් ලවාන්ත් මත්පැන් වීදුරුව එක හුස්මට වගේ බොද්දී මිතුරන් දෙදෙනාම හිස දෙපසට සැලුවේ මුකුත් නෑ කියන්න වගේ...
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️