නපුරු වැස්ස ( 06 වෙනි වැසි දවස )
මේ ඉරණම ලියවෙන වෙලාවයිආරන්යා එතනින් පිටවෙන විටම වගේ ලවාන්ත් කාමරෙන් එලියට ඇවිත් බලන් හිටියේ..කෙල්ල සෝපානයට නැගලා තමයි ආයෙමත් මහල දිහා බැලුවේ..ලවාන්ත් හිනාවේගෙන බලාගෙන හිටියත් ආරන්‍යාගේ පෙනුම දැන් කොයි වගේද කියලා කොල්ලාට පෙනුනේ නැත්තේ ඇය ඉන්නේ දුරින් නිසා..ඒ එක්කම සෝපානේ දොර වැහෙද්දී ලවාන්ත් කාමරේ ඇතුලට ගියේ දොරත් වහගෙන...ඔහු කාමරයේ තිබ්බ දුරකතනය වෙත ගොස් මුලුතැන්ගේට සෘජුවම සම්බන්ධ වෙන අංකය යොදා කෝල් එකක් ගත්තා..
' හෙලෝ...' එහා පසින් ඇසුනේ දුෂාන්තගේ කටහඩ..
'වී අයි පී රූම් නම්බර් ෆෝටී එකෙන් කතා කරන්නේ..' ලවාන්ත් කිව්වේ දුෂාන්තට ඔහු කවුද කියලා අගවමින්..
' ලවාන්ත් සර්..'
' දුෂාන්ත දැන් උඩට ආවා ආරන්‍යා කියලා ගර්ල් කෙනෙක්..එයාගේ ෆුඩ් ට්‍රොලි එකෙන් පිරිසියක් වැටිලා බිදුනා..ඒක වුනේ මගේ වැරැද්දෙන්..ඒ නිසා ඒකට එයාගේ සැලරි එකෙන් චාර්ජ් කරන්න එපා..'
' ඕකේ සර්..තැන්කියු..' දුෂාන්ත් පවසනාවත් එක්කම ලාවාන්ත් දුරකතනය තිබ්බේ කමිසය ගලවන ගමන්.. ඔහු සයනයේ උඩුබැලි අතට වැතිරුනේ දෑත් හිස පිටුපස තියාගෙන..
ඒ ආරන්‍යා කියලා ලවාන්ත්ට අදුරගන්න පුලුවන්කම තිබ්බත් වෙන කෙනෙක්ටනම් ඒකට සෑහෙන්න වෙලාවක් යයි කියලා කොල්ලාට හිතුනේ අවුරුදු හයකට කලින් හිටිය කෙල්ලගේ හිතාගන්න බැරි තරමේ වෙනසක් තියෙන නිසා..ලවාන්ත් දෑස් පියාගෙන මවාගන්න හැදුවේ පරණ ආරන්‍යාගේ රූපේ වුනත් ලවාන්තට මැවුනේ පොඩි දරුවෙක්වත් වඩාගෙන බස් එක එනකම් පාරේ හිටන් හිටිය කෙල්ලව..ඔව්..අදත් ලවාන්ත් ගීගේ ඉස්කෝලේ ලගට ගියා ඔහුගේ හිතේ තියෙන කුතුහලේ වැඩිකමට..
ආරන්‍යාගේ තිබුනේ මහන්සි පෙනුමක්..හිසකේ අවුල් වෙලා ගිහින්...අවුරුදු හයකට කලින් තිබුන පිරුණු පෙනුම වෙනුවට ඒ රූපේ ඇදිලා ගිහින්..ලවාන්ත්ගේ ඇස් මුලින්ම ගත්තේ ඇගේ තැඹිලි පැහැයට හුරු වර්ණයවෙද්දී අද එය තද දුඹුරු පැහැයට හැරිලා ගිහින්...ඒ රූපයේ තිබ්බේ ඕනෑවට වඩා දුක් විදපු බවක්..ඒ වුනත් ලවාන්ත්ට ඒක තේරුම් ගන්න අමාරුයි..ඒත් ඔහුට කුතුහලයක් තියෙනවා ඇයි ආරන්‍යා මෙහෙම ඉන්නේ කියන එක..ඒ නිසයි ඔහුට ඒ ගැන හොයන්නම හිත..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️