34

309 11 0
                                    

නපුරු වැස්ස 02 ( 34 කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

රෙෂාන්ගේ එදා හැසිරීමෙන් මට තේරුනා තවත්මගේ එයාට ඕනේ බිත්ති හතරක් ඇතුලට මාව කොටු කරන්න බව...මම හැමදාම හොයන දේ සැනසීම විතරක්ම වෙද්දී මම විසින්ම තීරණය කරා මගේ සැනසීමබ් බාධාවක් නොවෙන විදිහට හැසිරෙන්න..ඒකට කරන්න ඕනේ එකම දේ මම ගෙදරට වෙලා ඉන්න එක...එහෙම වුනොත් එයාට සැක කරන්න හේතුවක් නැහැනේ..මම හිතුවේ එහෙම..ඒ වුනත් මට එවෙලේ දැනුනේ නැහැ එයාට ඕනේ දේ නිකන්ම වෙන බවක්..මම විහින්ම කොටු වෙන්නයි යන්නේ.. මං වටේ සිදුවන සිදුවීම් නිසාම මගේ හිතට බයක් දැනුනේ රෙෂාන්ගේ ඉවට ඒ දේවල් ආරංචි වෙයි කියලා..ඒ නිසා එක අතකින් මම ටික කාලෙකට හරි ගෙදරට සීමා වෙන හොදයි කියලා මට හිතුනා..

හැමෝගෙම හිත්වල ප්‍රශ්නාර්ථයක් ඉති‍රි කර නවත්තපු කතාව ආයෙමත් ලියන්න හිත නොදෙද්දි අලුත් කතාවක් පටන් ගත්තේ අලුත් ආරම්භයක් වෙනුවෙන්..කවදාවත් දෙයක් භාගෙට නවත්තනේ නැති නිසාදො අලුත් කතාව සති දෙකක් විතර‍යි ලියාගන්න පුලුවන් වුනේ..හිත ඇතුලේ කරදර කරන්නෙම නපුරු වැස්සට අවසානයක් දෙන්න කියලා..ඒ නිසාම අලුත් කතාවට විරාමයක් දීලා නපුරු වැස්සට ඉඩදෙන්න මම හිතුවා..

' අම්මා..අම්මා...' මම උදේම නැගිට්ටේ ඔළුව දෝතින්ම බදාගෙන.. ඇස් අරින්න බැරි තරම් අමාරුයි..

' ඇයි..' ගේ අතු ගගා හිටිය අම්මා කාමරේට එබිලා බලද්දී මම හිසින් සන් කරේ එන්න කියලා..

' ඇග රස්නෙයිද බලන්නකෝ..' මම බෙල්ල කර ඇයට ලංවෙමින් කියද්දී ඇය නළල මත අත තබා බැලුවේ මූණත් අමුතු කරගෙන..

' ඇග රස්නෙයි නේන්නම්..එකපාට මොකද..' අම්මා අහද්දී මම මූණත් ඇඹුල් කරගෙන සයනයේ දිගා වුනේ බ්ලැන්කට් එකෙන් බෙල්ල ලගට වෙන්නම ආවරණය කරගෙන..

' මුළු ඇගම රිදෙනවා..' මම කිව්වේ වකුටු වී පොරෝනයට තව ගුලිවෙමින්..

උදේ කෑම කා පැනඩෝල් දෙකක් බිව්වත් දහවලවෙද්දී උණ වැඩිවෙද්දී මට තවත් ඉවසගෙන ඉන්න බැරිවුනා..ඒ වුනත් බෙහෙත් ගන්න යන්න මගේ කැමැත්තක් තිබ්බේ නැත්තේ කොහොමත් මම බෙහෙත්වලට හොර නිසා..ඒ නිසාම වේදනාව හංගගෙන රෑ වෙනකම් පැනඩෝල්වලින් උණ පාලනය කරගත්තත්  එය දරාගන්න බැරි තරමට උත්සන්න වුනේ මධ්‍යම රාත්‍රියවෙද්දී.. ඒ වුනත් බෙහෙත් ගන්න යන්න උදේ වෙනකම්ම ඉවසගෙන හිටියේ අම්මාගෙන් අහන්න වෙන බැනුම් මතක් වෙලා..උදේම ගිහින් බෙහෙත් අරගෙන ආවත් උණේ අඩුවීමක් තිබුනේ නැහැ..දවසම කරේ නිදාගත්තු එක..දවස් දෙකක් තිස්සේ ෆෝන් එක  අතට ගන්නවත් බැරිවුනානේ කියලා මතක්වෙද්දියි මම ඒක හොයන්න ගත්තේ..රෙෂාන්ගෙන් දවස් දෙකක් තිස්සේ කෝල් එකක් නැහැ..මම අසනීපවෙලා කියන්නවත් එයා දන්නේ නැතුව ඇති...මම හොදට විපරම් කරපු දෙයක් තමයි මම ගෙදරින් එලියට යන එක නැවැත්තුවාට පස්සේ රෙෂාන්ගේ කරදරකාරි ඇමතුම් පවා නැවතුනා..මුලදි මට ඒක ප්‍රශ්නයක් වුනත් සතියක් විතර ගෙවෙද්දී ඒක සහනයක් වුනා..රෙෂාන් එහෙම කරන්න හේතුව මම ගේ ඇතුලෙම ඉන්නවා කියන්න එයා දන්න නිසා..මම කිව්වොත් කිව්වා..ඒකේ බොරුවක් නැහැ කියන්න එයා දන්නවා..දවස් දෙක තුනකට සැරයක් කෝල් එකක් අරගෙන දුක සැප අහනවා ඇරෙන්න විනාඩි දහයක්වත් අපි එක දිගට කතා කරන්න නැතුව ඇති..මොකද රෙෂාන්ගේ හිත දන්නවා මම දැන් ගෙදර ඉන්නේ , ගේ ඇතුලේ ඉන්නවා කියන්නේ අමුතුවෙන් කෑවද බිව්වද හොයන්න නෑ මම කාලා බීලා පාඩුවේ ඇති කියන්න..ඒ වුනත් මට ඊට වඩා යමක් පෙනුනා..ඒ දවසින් දවස වැඩිවෙන රෙෂාන්ගේ පහත් මානසිකත්වේ..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now