Episode 65

240 14 2
                                    

නපුරු වැස්ස 02 ( 65 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

' උඹ කරපු වැඩේට ඒකී හිනාවෙලා කතා කරයි කියලාද හිතන් හිටියේ..' තිනුකත් කමිසය උනා දමා නාන තටාකයට බහිද්දි ලවාන්ත් ඔහුට වතුර විසිකරේ තිනුකත් එසේ කරද්දී..

' ඔය ටැටූ එක ගෙදර අය දැක්කේ නැද්ද ? ' තටාකය අසල පුටුවක ඉදගනිමින් හේෂිත් කිව්වේ ලවාන්ත්ගේ ළය දෙස දෑසින් පෙන්වමින්..

' තාම නෑ..' කොල්ලා එහෙම කියාගෙනම වතුර යටට ගොස් උඩට ආවේ දෑතින්ම හිසකේ පිටුපස කරමින්..

' අපි නම් සීන් එක දන්නවා කියමුකෝ..කිෂූටයි ගෙදර අයටයි මොකක්ද කියන්නේ..' තිනුක අහද්දි ලවාන්ත් තත්පරගානක් නිහඩව හිටියේ කල්පනාවක..

' ඉක්මනට රිමූ කරන්න ඕනේ.. ' ඔහු එහෙම කියාගෙනම වතුර යට ගොස් කිමිදී අනෙක් කෙලවරට යද්දි තිනුක වතුර පහරකින් හේෂිත්ට ගසාදමා ලවාන්ත් දෙසට  පිහිනුවා..

*****

' ආරන්‍යා...' එළිමහන් ආපනශාලාවේ මේසයක් පිසමින් සිටි කෙල්ල හැරී බැලුවේ ඇයගේ නමින් කතා කරේ කවුද කියලා බලන්න..ඒත් ඇගේ දෑස් ගැස්සුනේ ඇය ඉදිරියෙන් සිටින කෙල්ලෝ දෙන්නාව දැක්කාම..

' කිෂාලි මිස්..' කෙල්ල ඉක්මනින් ඔවුන් වෙත ආවේ ලාවට හිනාවේගෙන..ඒ වුනාට ඒ හිතේ ගැස්මක් නැතිවම නෙවේ..

' අපිට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ..' ඒ කිව්වේ තිදිනි..ආරන්‍යා වටපිට බලා ඔවුන් වෙත හැරී හිස සැලුවා..දහවල් කෑම වෙලාව අවසන් නිසා අවන්හලේ ඒ තරම් පිරිසක් පෙනෙන්නට හිටියේ නැහැ..

' කියන්න මිස්...' කෙල්ල කටහඩ සිහින් වුනේ හිතේ දෙගිඩියාවෙන්..ඔවුන් අහන්න යන දේ ගැන ආරන්‍යාට ඉව වැටිලා තිබ්බේ..

" මෙතනම කතා කරමු.." තිදිනි කිෂාලිගෙ කනට ලංවෙලා කිව්වේ කිෂාලි එකගවෙමින් හිසවනද්දී..

" මං කෙලින්ම ප්‍රශ්නෙට එන්නම් ආරන්‍යා.." තිදිනි වෙත දෑස් එල්ල කරගෙන සිටි ආරන්‍යාගේ දෑස් කිෂාලි වෙත යොමුවුනේ ඇගේ සිහින් හඩ ඇහෙනවත් එක්කමය..

' ඔයායි ලුවී අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක් ද ? ' කිෂාලි සන්සුන් හඩකින් අහද්දි කෙල්ලගේ ඇස් ගැස්සෙනවා ඔවුන් දෙදෙනාම බලාගෙන..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now