නපුරු වැස්ස 02 ( 15 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයිආරන්යාට හොදටම මහන්සියි..ඇයගේ නළලේ මතු වී තිබූ දාබිදු පිසලමින් කෙල්ල මුළුතැන්ගෙයින් එලියට ආවේ මුව දොවාගන්න හිතාගෙන..හිටගෙන ඉදලාම කෙල්ලගේ කකුල් රිදෙනවා..කායිකව වගේම මානසිකවත් ආරන්‍යා මේ වෙලාවේ ඉන්නේ එසේ මෙසේ පීඩනයකින් නෙවේ...තව පැය කිහිපයක් තියෙනවා වැඩ කරන්න..සේවිකාවන්ගේ විවේක කාමරයට ඇතුළු වූ කෙල්ල බිත්තියට පිට තියලා බිම ඉදගත්තේ දණහිස් මත හිස ගසාගෙන..
' කාට කරපු පවක්ද මම මේ ගෙවන්නේ..' ආරන්‍යාට හිතුනේ එපමණයි...අවුරුදු ගානක් තිස්සේ ඉවරයක් නැති ප්‍රශ්න , ආර්ථික අපහසුතා වගේම මේ මොහොතේ ලවාන්ත් කෙල්ලගේ මනස ව්‍යාකූල කරලා තිබ්බේ..පුංචි ගී නැත්නම් ආරන්‍යා මේ වෙනකොට ජීවතුන් අතරත් නැහැ..
' ආරන්‍යා...' පූජනී කාමරේට ඇතුළු වුනේ එහෙම කියාගෙන..
' අක්කේ ඇයි මේ..' ඇය ඉක්මනට ආරන්‍යා ලගින් දණගහලා ඉදගද්දී කෙල්ල හිස ඔසවලා ඇය දිහා බැලුවා..
' මහන්සියි නංගි..' ආරන්‍යා ලවාට හිනාවේගෙන නැගිටගත්තේ පූජනිත් ඇය සමගම නැගිටගද්දී..
' ඉතින් අක්කේ අර ඇදේ හාන්සි වෙන්න එපැයි..' පූජනි කියද්දී ආරන්‍යා කිසිවක් නොකියා ඇගේ ලොකර් එකේ තිබූ බෑගය පිටතට ගත්තා..එයින් පැනඩෝල් පෙති දෙකක් ගත්ත කෙල්ල එය මුව තුලට දමාගත්තේ පූජනි වතුර බෝතලයක් ඇය අත තියද්දී..
' කියන්න ආව දේත් අමතක වුනා..දුෂාන්ත සර් ඔයාව හොයනවා..' පූජනී කියද්දී ආරන්‍යා ඇය දෙසට හෙලුවේ 'ඇයි ' කියන්නා වගේ බැල්මක්..
' ඒකනම් දන්නේ නෑ..ඉක්මනට යන්න..' පූජනී කිව්වේ ආරන්‍යා අත තිබූ වතුර බෝතලය ඇය අතට ගන්න ගමන්..කෙල්ල ඉක්මනට එතනින් දුවලා ගියේ කොණ්ඩෙත් තද කරලා බැදගනිමින්..මුලුතැන්ගෙට පිවිසෙනවාත් එක්කම ආරන්‍යා දැක්කේ දුෂාන්තව..කෙල්ල ඔහු ලගට යන්න කලින් ඔහු දුවගෙන වගේ ආරන්‍යා වෙත ආවේ..
' ඇයි සර්..' ඇය ඇහුවේ බයෙන් වගේ..
' ආරු අන්න පොඩි බොසා කාලා ඉවරයිලු..එතන අස් කරන්න ඔයාව එවන්න කිව්වා..' දුෂාන්ත කියද්දී හුස්මක් හෙලමින් අහක බලාගත්තේ කළකිරුණු පෙනුමකින්..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️