නපුරු වැස්ස 02 ( 24 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි' ඒක දැන දැනද තවත් මෙහේ තියාගෙන ඉන්නේ..' හේෂිත් අහද්දී ලවාන්ත් ඔහුට ඇස්කොනෙක් මිතුරන්ව පෙන්නද්දී ඔවුන් දිහා බලලා දිගු හුස්මක් හෙලපු හේෂිත් ඉදිරියට ගියේ හිස කසාගෙන.. ලවාන්ත් කිසිගානක් නැතුව ඒක කියපු විදිහ පවා හේෂිත්ට ප්‍රශ්නයක්...ඒ වගේම ආරන්‍යා එහෙම දෙයක් හිතාගෙන බය නැතුව මෙතනට ආව එකත් ඔහුව පුදුම කරලා තිබ්බේ..
------
' ආරන්‍යා...' දුෂාන්ත මුළුතැන්ගේ කෙලවර කොටසට ආවේ කෙල්ලගේ නම කියාගෙන...ඉදුල් භාජන වගයක් සෝදමින් සිටිය කෙල්ල එය පසෙක තබා සර්වියට් එකෙන් අත පිහිදනගමන් ඔහු දිහාවට ආවේ දුවගෙන වගේ..
' ඇයි සර්...'
' දැන්ම ජී එම් හම්බෙන්න යන්න..සර් එන්නලු..' දුෂාන්ත කියද්දී කෙල්ලගේ මුහුණේ මතුවුනේ ප්‍රශ්නාර්ථයක්...ඇය දුෂාන්ත දිහා ඒ බැල්මෙන්ම බැලුවේ පිළිතුරක් අපේක්ෂාවෙන් වුනත් ඔහු කිසිවක් නොකියා එතනින් යද්දී ආරන්‍යාගේ හිතට අහේතුවකට බයක් දැනුනා..කෙල්ල ඒප්‍රණය ගැලෙව්වේ වෙව්ලන ඇගිලිතුඩින්... කෙල්ලව එක සැරයක් ඔහු කැදවුවේ අස්වීම දෙන්න..නැවතත් එහෙම දෙයක්ද..? ආරන්‍යාට මතක් වුනේ උදේ රුවන් ඇවිත් ගිය එක...රුවන් ඇයි මේ විදිහට ඇයව පන්නන්න හදන්නේ කියන ප්රශ්නය ආරන්‍යාගේ හිතට නැවතත් මතුවෙද්දී ඇය ඉක්මනින් මුළුතැන්ගෙයින් පිටතට පැමිණ හෝටලයේ ප්‍රධාන කාර්යාලය කොටස වෙත ගමන් කරන්න ගත්තේ දහසක් දේවල් හිතමින්..ඒ එක්කම කෙල්ලට මතක් වුනේ ඊයේ ලවාන්ත් හා ඇය සියල්ල විසදගත් විදිහ..ඔහු ඉදිරියේ කතා කරපු විදිහ..ඔහුට අවශ්‍ය දේ දැණගත් නිසා ඇයව සේවයෙන් ඉවත් කරන්න හදනවාදෝ කියලා කෙල්ලට හිතුනා..ඒ වගේම ඇය ඔහුට බැනපු විදිහට අස් නොකලොත් තමා පුදුමවෙන්න ඕනේ...ප්‍රධාන කාර්යාලයේ ස්වංක්‍රීය දොරෙන් ඇතුළු වූ කෙල්ල කාර්යමණ්ඩලයේ පිරිස දෙසත් ලාවට හිනාවේගෙන කෙලින්ම ගියේ මෙන්ඩිස්ගේ කුටිය වෙත..ඇය දොරට තට්ටුවක් දාගෙනම මෙන්ඩිස්ගේ කාර්යාල කාමරයට ඇතුළුවුනා..
' සර්..' කෙල්ල කිව්වේ යටහත් පහත් විදිහට..මෙන්ඩිස් ආරන්‍යා දිහා බලලා දෑසින් ඔහු ඉදිරියේ පුටුව පෙන්නද්දී කෙල්ල එයින් වාඩිවුනේ මෙන්ඩිස් දිහා බලාගෙනම..ඔහු කිසිවක් නොකියා මේස ලාච්චුව විවර කර සුදු ලියුම් කවරයක් ගෙන ආරන්‍යා වෙත දිගුකරද්දී කෙල්ල එය ගත්තේ තමා සිතූ දෙය නිවැරදි බව හැගෙද්දී...
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️