නපුරු වැස්ස 02 ( 35 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි' මොකක්..කවුරු..කා ගැනද එදා සැරේ කියන්නේ...' මම ඉක්මනට සාමාන්‍ය විදිහට ඇහුවේ මගේ කලින් ප්‍රතිචාරයට දොස් පවරාගනිමින්..
' අනේ මේ අක්කී..දන්නේ නැහැ වගේ ඉන්න එපා..බල්ලා මල්ලෙන් එලියට පැන්නානේ..කෑගහපු විදිහෙන්ම තේරුනා..මම හොයාගත්තා..ඔවේන් කියන නම දකිද්දිම මම දැනගත්තා මේකා තමා නෙවෝන් කියලා..' ඇය හිනාවෙවී කිව්වත් මගේ ගත පුරා අමුතු රස්නයක් දැනුනේ දා බිදු පවා මතුවෙද්දී..
' පිස්සුද අනේ..ඒ කවුද ? කවුද ඔවේන්..ඔයා වැරදි..මම කිව්වානේ ඔයාට එයාව හොයන්න බෑ කියලා..' මගේ ඉක්මන් ප්‍රතිචාරයෙන් හොරේ හසු වූ බව දැනුනත් මම හැකිතරම් උත්සහා කරේ එය එසේ නොවන බව පෙන්වන්න..ඒ වුනත් ඇය නම් එය පිලිගත් බවක් පෙනෙන්නට තිබුනේ නැහැ...ඇය හා හැකිතරම් මම වාද කරත් අන්තිමේදී ඇය දිනුම් බව පිලිගන්න වුනා..
' ඔයා කොහොමද අප්පා හොයාගත්තේ..' දුරකතනය පසෙක තබා ඇදුමකට මාරුවෙමින් මම අහද්දි ඇය කරේ හිනාවුන එක..
' මං දැන් එව්ව ෆොටෝ එක බලන්නකෝ..මට මේක දැක්ක ගමන්ම එකපාට කියවුනා නෙවෝන් කියලා..' ඇය කියද්දි මම ඉක්මනට දුරකතය අතට ගෙන ඇය එවා තිබූ පින්තූරය විවර කරා..ඒක දැක්ක ගමන්ම මට හිතුනා නපුරු වැස්ස කියවන ඕනේම කෙනෙක්ට මේ නෙවෝන් කියන එක සැරෙන්ම අදුරගන්න පුළුවන් බව..මම ඔවේන්ගේ පින්තූර දැකලා තිබ්බත් මම කතාව තුල ලියන නෙවෝන් , ලවාන්ත්ට සමාන පින්තූරයක් දැක්කමයි.. මේ පින්තූරේ මෙතුවක් කාලෙකට මගේ ඇසට අහු නොවෙද්දි ඇයට ලැබුනේ කොහෙන්ද කියන එක මගේ හිතට ගෙනාවේ සැකයක්..
' මේ ෆොටෝ එක කොහෙන්ද ? ' මම දෙවරක් නොහිතා ඇහුවා..
' මම කෙලින්ම ගූගල් කරා ලංකාවේ ඉන්න මිනිස්ටර්ස්ලා..ඒකෙන් ඔයාගේ චරිතෙට වැඩියෙන්ම මැච්වෙන මිනිස්ටර්ව හෙව්වා...ඒත් නාලකගේ පවුලේ ෆොටෝස් නැහැ..මම ෆේස්බුක් , ඉන්ස්ටා ඔක්කොගෙම සර්ච් කරද්දි ටැගින් පෝස්ට් එහෙක ඔය ෆොටෝ එක තිබ්බේ..දැක්ක ගමන්ම මම දැනගත්තා මේ ඩයල් එක ගැන තමා ලාරා අක්කි ලියන්නේ කියලා..මට ෆොටෝ එක දැකලා කෑගැහුනත් එක්ක..මේ එයාද අප්පා එතකොට ඔයාගේ වටේ සීන් දාන්නේ..මට නම් නිකම් දැන් පිස්සු වගේ..' ඇය පිස්සුවෙන් වගේ කියවද්දි මම කරේ සෝෂල් මීඩියාවල ටැගින් පෝස්ට්වල ඒ ෆොටෝ එක තියෙනවාද බලන්න..ඇය කිව්වා සේම එසේවෙද්දි මට එය මගහැරුන එක අරුමයක් නෙවේ කියලා හිතුනා..මම දන්න තරමින් ඔවේන්ගේ හැම සෝෂල් මිඩියා ගිණුමක්ම පුද්ගලික ගිණුම්...ඔහුගේ ගිණුම්වල පළ කරන දේවල් බලන්න අනෙක් අයට අවස්ථාවක් නොවෙද්දී මෙහෙම පින්තූරයක් තියෙයි කියලා මම බලාපොරත්තු වුනේ නැහැ..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️