29

250 11 0
                                    

නපුරු වැස්ස 02 ( 29 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

' ඇයි මං මොනා කරාටද ? '  ලවාන්ත් සෝෆාවෙන් හාන්සි වුනේ ටීවී රිමෝට් එකත් අතට අරගෙන..තිනුක ඔහුගෙන් රිමෝට් එක උදුරාගෙන ධාවනය වීමට පටන්ගෙන තිබූ චිත්‍රපටිය මදකට නතර කරලා ලවාන්ත් දිහාවට හැරුනා..

' ඇත්තටම අහන්නේ ලවී..මොකද්ද උඹ නටන්න හදන නාඩගම...අරකිව දැක්ක ගමන් හැංගෙනවා..මේ උඹේ හොටෙල් එක..ඒකීගේ නෙවේ...' තිනුක කියද්දි ලවාන්ත් හිස පිටුපස කැසුවේ  ඕනෑවට එපාවට වගේ..

' මම කොයිවෙලේද හැංගුනේ..' ඔහු ඇහුවේ නොරිස්සුමෙන්..

' ඇයි දැනුත් හැංගුනේ..අරකි එලිවේටර්ස් ලග හිටියා කියලා අපි ඒකී යන එලිවේටර් එකේ යන්නේ නැහැනේ..ඒකී ගියේ ස්ටාෆ් එකට තියෙන එකේ..උඹ මොකද යකෙක් ගැහුවා වගේ එකපාට ස්ටේයාර්ස්වලින් ආවේ..තට්ටු හයක්..පිස්සුද උඹට..මගේ හොද පණ ගියා..' තිනුක කිව්වේ ලවාන්ත්ට නොබැණ බනිමින්..ලවාන්ත් හිනාවෙලා අහක බලාගත්තා විතරයි...

' දැන් උඹලාම නේද කිව්වේ ඒකිගෙන් ඈත්වෙලා ඉන්න කියලා..' ඔහු රවාගෙන වගේ කියද්දී තිනුක ලොකු හුස්මක් අත් හැරියේ ලවාන්ත්ට හොද ටොක්කක් අනින්න කියලා හිත කියද්දී..

' මෙහෙමත් මෝඩයෙක්..අපි කියන්නේ ඒකිගේ දේවල්වලට ඉන්වෝල් නොවී ඉන්න කියලා..නොපෙනී ඉන්න නෙවේ...මම දන්නවා දැන් උබේ සිටුවේෂන් එක..උබට පුලුවන්නම් මේ වෙද්දී උබ හැරී පොටර්ගේ ඉන්විසිබල් ක්ලෝක් එක අරන් ඇවිත්..' ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත තිබුකට හිතුනෙම ලවාන්ත්ව ඇති වෙනකම් මඩවන්න...ලවාන්ත් රවාගෙන වගේ අහගෙන හිටියාට මොකද ඔහුගේ දෙකන් රත් පැහැ ගැන්වුනේ ලැජ්ජාවට.. ඒ වුනත් ඔහුට වචනයක්වත් කියාගන්න බැරිවුනේ තිනුක කියන දේ ඇත්තක් තියෙනවා කියලා හැගුන නිසා..පහුගිය සති දෙකේම නටපු පිස්සුව මතක්වෙද්දි ඔහුට ලැජ්ජායි වගේ..

' මං වොෂ් එකක් දාගෙන එන්නම්..අද ගෙදර යන්න ඕනේ..' ලවාන්ත් එහෙම කියාගෙන නැගිටගද්දී තිනුක මුකුත් නොකියා චිත්‍රපටිය නැවත ධාවනය කරේ ලවාන්ත් ඔහුගේ උරහිසට තට්ටුවක් දමමින් එතනින් ඉවත්වෙද්දී..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now