නපුරු වැස්ස 02 ( 68 වෙනි කොටස)
මේ ඉරණම ලියවෙන වෙලාවයි' ආරන්‍යා මැඩම්..' මනෝ කියද්දි කෙල්ල ලාවට වගේ හිනාවුනේ කෙළ පොදක් ගිලමින්..
' මැඩම් කොහෙටද යන්නේ ? මං ඩ්‍රොප් කරන්නම්..ත්‍රීවිලුත් නෑනේ..' ඔහු ඉතාමා යටහත් පහත් විදිහට හිනාවෙලා කියද්දි ආරන්‍ය ඉක්මනින් හිස දෙපසට සැලුවා..
' අනේ එපා..මං ත්‍රීවිල් එකක යන්නම්..බොහොම ස්තූතියි ඇහුවාට..' මනෝගේ ආමන්ත්‍රණය කෙල්ලට නුහුරුයි...ආරන්‍යාගේ ඇස් විටෙන් විට යන්නේ රථය දෙසට..
' මේ වෙලාවේ ත්‍රීවිල් එකක් හොයාගන්න ලේසි නෑ..පව් මේ බබාත් අව්වේ..මං මැඩම්ව ඇරලන්නම්..' ඔහු කතා කරන්නේ හරිම කාරුණික විදිහට..ආරන්‍යාගේ හිතට දැනුන කේන්තිය ඇයව සගවාගත්තේ ඒ නිසායි..ලවාන්ත් නිසා ඔහු යටතේ වැඩ කරන සේවකයෙක්ට බැනලා වැඩක් නෑ කියන්න කෙල්ල දන්නවා.ආරන්‍යා කේන්තියෙන් වගේ බැලුවේ රථය දිහා...
' ලවාන්ත් සර් නෑ මැඩම්..මම මේ මැඩම්ව දැකලා නැවැත්තුවේ..' ආරන්‍යා බලපු දිහාවට බැල්මක් හෙලූ මනෝ කිව්වේ ආරන්‍යා ඉක්මනින් ඔහු දෙස බලද්දී..
' අහ්...මට මැඩම් කියන්න එපා..ඒක ටිකක් අමුතුයි වගේ..' දෙතොලතර හිනාවක් මවාගෙන ආරන්‍යා ලැජ්ජාවෙන් වගේ කියද්දි මනෝ ලාවට හිනාවුනා..
' ඒ වුනත් ලවාන්ත් සර්ගේ යාලුවෙක්නේ..'
' අනේ නෑ..යාලුවෙක් නෙවේ..මගේ හස්බන්ඩ් වැඩ කරේ ලවාන්ත් සර් ලග..අනික මම හොටෙල් එකේ වැඩ කරන කෙනෙක් කියන්න ඔය සර්රුත් දන්නවානේ..' හරිම අහිංසක විදිහට ආරන්‍යා කියද්දි ඔහු අනුකම්පාවෙන් වගේ ඇය දිහා බලන් හිටියා විතරයි..
' හරි..එහෙනම් අපි යමුද දැන්..' මැණික් කටුවෙහි බැදි ඔරලෝසුවෙන් වේලාව බලමින් මනෝ අහද්දි කෙල්ල වටපිට බැලුවේ ත්‍රීවිල් රථයක් අපේක්ෂාවෙන්..
' අනේ සර් යන්න...අනික අපි යන්නේ මේ පැත්තට..' මෝටර් රථය ඔවුන් ආ දෙසට විරුද්ධ දෙසට නවත්තා ඇති නිසා ආරන්‍යා කිව්වේ ඔවුන් යන මාර්ගය අත දිගුකර පෙන්වමින්..
' මට සර් කියන්න එපා මැඩම්..තව මෙහෙම වාද කර කර හිටියොත් පරක්කු වෙනවා නේද ? මං වාහනෙන් ගිහින් ඇරලන්නම්...' ආරන්‍යා කිව්ව දේට වඩා මනෝගේ අවධානයට ලක්වුනේ ඇගේ ආමන්ත්‍රණය..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️