නපුරු වැස්ස 02 (22 කොටස)
මේ ඉරණම ලියවෙන වෙලාවයිආරන්යාගේ කේන්තිය පිරුණු ඇස් දකිද්දී ලවාන්ත්ගේ පුදුමෙන් පිරුණු ඇස් ගැස්සුනා..
' ආරන්යා...මම...මම...' ඔහු ගොතගහගෙන වගේ කියද්දී කෙල්ල ගීව ඔඩොක්කුවෙන් බිමට තිබ්බා..
' මම දන්නවා ඔයා නෙවේ කියන්න..ඒත් මම සැක කරපු එක සාධාරණයිනේ..මොකද ඔයා දන්නවා ඔයාට...' ලවාන්ත් දිහා බලාගෙන කියපු කෙල්ල එක්වරම කතාව නැවැත්තුවේ ගී දිහාවට දෑස් යොමුවෙද්දී...
' ගී..ඔයා කාමරේට යන්න..' ආරන්යා කිව්වේ ලවාන්ත්ට කතා කරපු දැඩි ස්වරෙන්මයි..
' මට බෑ..' ගී මුරණ්ඩු විදිහට කිව්වේ කෙල්ලගේ ඔඩොක්කුවට නගින්න උත්සහා කරමින්..
' ගී...යන්න නේද කිව්වේ..' ආරන්යා තවත් සැරෙන් කියද්දී කොල්ලා මූණත් ඇබුල් කරගෙන එතනින් දිවගියේ ඇය ලවාන්ත් දෙස බලද්දී..
' මොකක්ද ආරන්යා මම දන්නේ..' ලවාන්ත් ඇහුවේ ආරන්යා කියන්න ගිය දේ දැනගන්නකම් නොඉවසිල්ලෙන්..
' ඔයා දන්නවා ඔයාට පිහියෙන් ඇන්නේ ආගී කියන්න..ඔයා ඒක දැනන් හිටියා..' ලවාන්ත් ආරන්යා දිහා එක එල්ලේම බලන් හිටියේ ඇසිපිය ගහන්නත් අමතක වෙලා වගේ..
ඔව්..ඇය හරි..ලවාන්ත් දැනගෙන හිටියා ඒ ගිෂෝන් කියන්න..එදා ඔහු රෝහල්ගත වෙලා ඉද්දී ගිෂෝන් ආ මොහොතේදී ලවාන්ත් එය සියයට සීයක් තහවුරු කරගත්තත් ඒ ගැන හැමෝගෙන්ම වසන් කලේ ඇයි කියන්න කොල්ලා අදටත් දන්නේ නැහැ..ආරන්යා ඔහු ඉදිරියේ පෙනී හිටියත් හරි ඔහු වටා සෑහෙන්න අමුතු දේවල් එක පෙළට සිදුවෙන්න ගද්දී ලවාන්ත් හිටියේ අන්දමන්ද වෙලා..ආරන්යාගේ සිද්ධිය එතරම් දුරදිග යයි කියලා ඔහුට ජීවිතේට හිතුනේ නැහැ..ඒ වගේම මුල් වතාවට පරාජීය හැගීම , පසුතැවීම දැනුනේ ආරන්යා නිසා..ඒ වගේම ලවාන්ත්ට හිතාගන්න බැරි ඔහු පිස්සෙක් වගේ ආරන්යාව හොයපු විදිහ...ඔහුට හොදටම විශ්වාසයි ඒ සෙවීමට හේතු වුනේ ආදරය නෙවේ කියන්න...ඔහුට ඇය අමුත්තක්.. නැවුම් අත්දැකීමක් වගේ..කොල්ලා මොන විදිහට නිදහසට කාරණා කිව්වත් ආරන්යා කියන්නේ කාන්දමක් වගේ..කොච්චර ඈතට යන්න හැදුවත් ඔහුව ලගට අද්දගන්න විදිහ ලවාන්ත්ට එක වෙලාවකට හිසරදයක් වුනා..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️