නපුරු වැස්ස 02 ( 64 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි' ඒ කියන්නේ ඔයාට මාව සැක නෑ නේද ? ' ඇගේ ඉල්ලීම ලවාන්ත්ගේ මූවගට ගෙනාවේ හිනාවක්..
' මම අහපු දේට උත්තර දෙන්න..' ආරන්යා කිව්වේ දැඩි විදිහට..
' අනිවාරෙන්ම ආරන්යා..ඒ කවුරු වුනත් මම හොයාගන්නවා..' ඒ හඩේ තිබුනේ දැඩි විශ්වාසයක්..ඒත් ඇගෙන් කිසිම ප්රතිචාරයක්නම් තිබුනේ නැහැ..
' ඔයා හොටෙල් එකේ දිගටම වැඩ කරන්න..මේ දේ කරේ කවුද කියලා හොයාගන්නකම්වත්..' තත්පරගණනක නිහැඩියාව බිදිමින් ලවාන්ත් කියද්දි කෙල්ල 'හ්ම්' හඩක් නැගුවා විතරයි...
' ම්ම් මං එහෙනම් තියන්නම් ආරන්යා..හෙට හොටෙල් එකේ එකෙදී හම්බෙමු..' ලවාන්ත් කියද්දි ආරන්යාට කේන්තියක් දැනුනේ ඔහු සුහද වෙන්න දරන උත්සහායට වුනත් මේ වෙලාවේ හැටියට ඔහුට වචනයක්වත් කියන්න කෙල්ලට හිත දුන්නේ නැත්තේ ආගී නිසා..ලවාන්ත්ගේ ඇමතුම විසන්ධි වෙනවාත් එක්කම ආරන්යා දුරකතනය පසෙක තියන්න හැදුවත් ඇය නැවතුනේ එයට පණිවිඩයක් ලැබුන නිසා..කෙල්ල ඉක්මනින් බැලුවේ එය ලවාන්ත්ගේ අංකයෙන් නිසා..
' Thank you ' එයට පිලිතුරක් නොයවා දුරකතනය පසෙක තබමින් ඇය සයනයේ දිගාවුනේ පුංචි ගීගේ බද උඩින් අතක් දමාගෙන ඔහුව ලගට ගනිමින්..
__________
හොද නින්දක හිටිය හේෂිත් නැගිට්ටේ කවුරුන් හෝ ගීයක් උරුවම්බාන සද්දෙට..ඔහු ඇනූමක් යවමින් නැගිට්ටේ එක අතකින් දෑසක් පොඩි කරමින්..කොල්ලාගේ ඇස්වලට මුලින්ම හසුවුනේ කන්නාඩිය ඉදිරියට වී කොණ්ඩේ එහාට මෙහාට කරමින් ඉන්නා ලවාන්ත්ව..
' මොකද ? ' හේෂිත් තමන් දිහා බලන් ඉන්නවා ලවාන්ත් දැක්කේ කන්නාඩියෙන්..
' යූ ලුක් සෝ හැපි මෙන්..' හේෂිත් සයනයෙන් බිමට කකුල් දමා පාවහන් පැලදමින් කියද්දි ලවාන්ත්ගේ දෙතොල් දගකාර විදිහට හිනාවුනා..
' වයි ඩිඩ් යූ වේක් අප් සෝ අ'ර්ලි '
(ඇයි උදේම නැගිටලා) දෑත දෙපසට කර හිරි අරිමින් හේෂිත් අහද්දි ලවාන්ත් ඔහු දිහාවට හැරුනේ හිනාවේගෙන..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Lãng mạnනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️