නපුරු වැස්ස 02 ( 66 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයිතිනුකගේ ඇස් සුපුරුදු සන්සුන් පෙනුමෙන් ලවාන්ත් දිහාවට හැරී තිබුනා මිසක ලවාන්ත් කියූ දෙයින් ඔහු පුදුමයට පත් වූ බවක් පෙනෙන්න තිබුනේ නැහැ..ඒ නිසාමයි ලවාන්ත් ඇහිබමක් ඔසවා ඔහු දෙස බැලුවේ..
' ඇයි ? '
' මං පුදුම වෙයි කියලාද හිතුවේ..උඹ ඕක මට නෙවේ අපේ සෙට් එකේ කාට කිව්වත් අපි පුදුම වෙන්නේ නෑ..' තිනුක කියද්දි ලවාන්ත් දෑස් බිමට හරවාගත්තා..
' අපි ඕක මුල ඉදන්ම සැක කරා...අපි කියද්දි අපිට කෑගහගෙන ආවනේ..' තිනුකා කටකොනින් වගේ හිනාවෙලා කියද්ද ඔහු දිහා ඇහැකොනින් වගේ බලපු ලවාන්ත් අහක බලගත්තේ..ළය පිරෙන්න ලොකු හුස්මක් ගත්ත කොල්ලා ආයේ තිනුක දිහාවට හැරුනේ අත තිබූ බියර් කෑනය අතින් තද කරගෙන..
' මම ඒක නිකම් කිව්වා විතරයි..මම ඒක හන්ඩ්‍රට් ප්‍රසන්ට් කියන්න දන්නේ නෑ..බට් සම්ටයිම්ස් මට හිතෙනවා අයි..අයි...ඩෝන්ට් නෝ..වට්එවර්..' දෑතම දෙපසට කරගෙන උරහිස් හකුළුවාගෙන නැගිටගත් ලවාන්ත් බියර් උගුරක් පානය කරා..
' ඩෝන්ට් නෝ , වට්එවර් නෙවේ..ඔයාටම එහෙම හිතෙනවා කියන්නේ ඒක එහෙම වෙන්නැති...' තිනුක කියද්දි ලවාන්ත් හිසකේ අතින් ගැසුවේ කනස්සල්ලෙන් වගේ..
' ලුවී...' තිනුක කිව්වේ බර හඩකින්..
' ම්ම්ම්ම්..' ලවාන්ත්ගේ දෙබැම ඔසවා ඔහු දිහා බැලුවා...
' කැමති එක නෙවේ ප්‍රශ්නේ...ලව් එහෙම නෑනේ ? ' තිනුක අහද්දි ලවාන්ත්ගේ දෑස් විසල් වුනා..
' ආර් යූ ක්‍රේසී මෙන්...නෙවර්..කවදාවත් නෑ..' ලවාන්ත් කිව්වේ ගැස්සිලා වගේ..
' එහෙනම් හරි..ඒක තමා වෙන්න ඕනේ...' තිනුක හිනාවෙවීම නැගිටගත්තා..
' අනික කැමති කියන එකනම් අවුලක්ම නෙවේ මචං..ඒක අද ඊයේ තිබ්බ එකක් නෙවේ..අවුරුදු හයකට කලිනුත් තිබ්බා...ඒ නිසා ඒක හිතා හිත උඹ වදවෙන්න ඕනේ නෑ..'
' ඒ කිව්වේ...' ලවාන්ත් නළලත් රැලි කරගෙන ඇහුවේ කුඩා වූ දෑසින් තිනුක දිහා බලාගෙන..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️