Napuruwessa 02-16

287 11 0
                                    

නපුරු වැස්ස 02 ( 16 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

ලවාන්ත්ගේ කාමරෙන් එලියට ආපු ආරන්‍යා ළය පිරෙන්න හුස්මක් ගෙන එයා මුදාහලේ ගතේ තිබුන දරදඩු ස්වාභවයත් මිදීයද්දී... එකපාට ඇගේ දෑත් වෙව්ලන්න ගද්දී කෙල්ල ඒ දිහා බලලා දෑත් එකිනෙකට පිරිමැද්දේ නළලේ දිගේ දාබිදුවක් ගලද්දී..ආරන්‍යාටම හිතාගන්න බෑ ලවාන්ත්ගේ නපුරු ඇස් දිහා බලාගෙන ඇය ඒ විදිහට කතා කරේ කොහොමද කියන එක..ඉදිරියට පියවර තියන්නවත් කකුල පණ නෑ වගේ කෙල්ලට දැනුනේ...ඒ නිසාම ෆූඩ් ට්‍රොලියේ හැඩලය තද කරලා අල්ලාගත්තේ වැටෙයි කියලා දැනුන නිසා..කෙල්ල ඉක්මනට සෝපානය වෙත ගියේ එක් වරක් ලවාන්ත්ගේ කාමරේ දිහා බලලා..

ආරන්‍යා කාමරෙන් පිටත් වුනත් හරි ලවාන්ත් ටික තත්පරගානක් හෙලවෙන්නෙවත් නැතුව හිටියේ කෙල්ල අන්තිමට කිව්ව වචන ටික හිතේ රැව්දෙද්දී..ඔහු සයනය තියෙන කොටස දිහා ඇස් කොනින් වගේ බලලා අහක බලාගත්තේ යටිතොලේ කොනක් හපාගෙන වගේ..දුරකතනය කීපවරක් නාද වුනත් ලවාන්ත් හිටියේ ඒකත් ඇහෙන්නෙ නෑ වගේ..සෝෆාවේ වාඩිගත් කොල්ලා දණහිස් මතින් වැලමිටවල් අත්ල එකිනෙක තෙරපින් ඉදිරිය බලාගෙන හිටියේ ලොකු කල්පනාවකින්..යමක් හිතන්න ඕනේ වුනත් ඒ මොකක්ද කියන්නවත් ලවාන්ත්ට හිතාගන්න බැරිවෙද්දී ඒ කල්පනාව තනිකර හිස් දෙයක් වුනා..ඒ නිසාම ඔහු ඒ ක්ෂණිකවම නැගිටලා කාමරේට ගියේ හිසකේ අතකින් පිටුපසට කරමින්...
'Hesh ,Call me..' හේෂිත්ට මැසේජ් එකක් දාපු කොල්ලා සයනයේ දිගාවුනා..විටෙන් විට දුරකතනය පිරික්සුවත් හේෂිත්ගෙන් පිලිතුරක් නැතිවෙද්දී ලවාන්ත ඔහුට ඇමතුම් කිහිපයක් ගත්තත් හේෂිත් එයට සම්බන්ධ වුනේ නැහැ..ෆෝන් එක කරකන ගමන් සයනයේ උඩු වියන් වෙත දෑස් යොමාගෙන සිටි කොල්ලා එක්වරම ඔහුගේ  අමතර ඉන්ස්ටා ගිණුමෙන් පිවිසී ආරන්‍යාගේ නම සෙව්වත් හම්බුනේ නැත්තේ කෙල්ල ඒ වෙනකොට නම වෙනස් කරලා තිබ්බ නිසා..ඒ නිසාම කොල්ලා ඔහුගේම ඉන්ස්ටා ගිණුමට පිවිසුනේ අවුරුද පහකට කලින් ආරන්‍යාට යැව්ව මැසේජ් එක හොයන්න...විනාඩි ගාණක් ඇතුලත එය හොයාගත් කොල්ලා ඒ මැසේජ් ටික කියවලා ආරන්‍යාගේ නම ටච් කරේ ඇයගේ ඉන්ස්ටා අයිඩී එක හරියට බලාගෙන ඔහුගේ අමතර ගිණුමට පිවිසී එය හොයන්න ඕනේ නිසා..ඒ වුනත් ඒ විවර වූ ගිණුමෙන් ආරන්‍යාගෙන් තොරතුරු පෙන්නුම් කරද්දී ලවාන්ත්ගේ ඇස් පුදුමයෙන් පිරුනා..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now