නපුරු වැස්ස ( 07 වෙනි වැසි දවස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි' ලුවී කොහෙද යන්නේ..' කොල්ලෝ ටික ලවාන්ත් දිහා බලන් ඉද්දී නෙට් එක එහා පැත්තට වෙලා බලන් හිටිය තිදිනි කෑගහලා අහද්දී ලවාන්ත් ඈ දිහා බලලා මුකුත් නොකියා ඉදිරියට ගිහින් පූල් එකෙන් ගොඩට ආවා..
බිම තිබුන අරගෙන එය ගසලා අතට ගුලි කරගෙන කොල්ලා ගියේ බාර් එක ලගට..' මොකක්ද ලුවීට වෙලා තියෙන්නේ..' දුලාන් දෑත් දෙපසට කරලා වගේ බැලුවේ කොල්ලෝ තුන්දෙනා දිහා...
'ඒ අන්න යනවා..'හේෂිත් කියද්දී ඔවුන් දැක්කේ හෝටලේ තුලට යන කොල්ලාව..
' මිනිහාට තරහා ගියා..' තිනුක හැදුවේ යන්න..ඒත් හේෂිත් ඔහුගේ බාහුවකින් අල්ලලා නැවැත්තුවා..
' ඌට ඔහොම ඉන්න දෙන්න..' හේෂිත් කියද්දී සචින්. එයට එකග වුනේ ලවාන්ත්ව අපහසුතාවයට පත් කරන්න අකැමැති නිසා..ඉන්පසු කට්ටියම සෙල්ල්ම් කරගත්තත් කොල්ලෝ ටිකගේ කටේම තිබ්බේ ලවාන්ත් ගැන..කාටත් හිතාගන්න බැරිවුනා ලවාන්ත් ඇයි එහෙම කරේ කියන්න..
' ලුවී ඒ කෙල්ලට කැමතිවත්ද..' සචින් කිව්වේ තිදිනි හා කිෂාලි ඇදුම් මාරු කරන්න යනකම් ඉදලා..
' පිස්සුද..ඒ කෙල්ල බැන්දා නේද ? ' සචින් ඇහුවේ හිස පිහිදන ගමන්..
' බැදලා ළමෙකුත් ඉන්නවා..' තිනුක කියද්දී කොල්ලෝ තුන්දෙනාම ඔහු දිහා බැලුවේ පුදුමෙන් වගේ..
' උඹ දන්නේ කොහොමද ? '
' ලුවියි මායි කෙල්ලව ෆලෝව් කරා දවසක්..කෙල්ල ළමයාව ඉස්කෝලෙන් ගන්න ගිය වෙලාවක..' තිනුක තුවාය පුටුව උඩ එලාගෙන ඉදගත්තේ එහෙම කියන ගමන්...
' ඒ කිව්වේ..කවද්ද ? ' දුලන් අහද්දී අනිත් උනුත් බලන් හිටියේ තිනුකගේ පිලිතුර අපේක්ෂාවෙන්..
' ඌ ආවට පහුවෙනිදා වගේ..මටත් හිතාගන්න බැරිවුනා කාගේ පස්සෙන්ද යන්නේ කියලා..මාව එකපාට උඩ ගියා අර කෙල්ලගේ නම කියද්දී..'
' මොකක්ද බං මේකේ තේරුම..' සචින් බියර් වීදුරුව ගෙන උඩුරක් පානය කර කියද්දී දුලාන් ඔහු දිහා බලලා උරහිස් හැකිළුවා..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️