Episode 52

216 9 10
                                    

නපුරු වැස්ස 02 ( 52 කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

' හ්ම්..දවස් දෙකෙන් රෙජිස්ට්‍රේෂන් එක ගන්නේ කොහොමද ? ' මම කිසිම විරුද්ධත්වයක් නොපෙන්ව ඔහුගෙන් ඇහුවේ පොතේ පිටුවක් පෙරලමින්..

' අත්සන් කරන්නනේ තියෙන්නේ..වෙඩින් එක පස්සේ ගමු..'

' ඔයාට හැමදේම විහිළුද රෙෂාන්..' මම පොත පැත්තක තියලා ඔහු දිහා බලමින් ඇහුවේ රෙෂාන් කිසිගාණක් නැතිව කෑමකද්දී..ඔහුගෙ හිත වුනත් දන්නවා මේ හැමදේම සෙල්ලමක් වෙලා කියලා..ඒ වුනත් ඔහු පිලිගන්න අකැමැති...

' මොකක්ද තමුසේ කියන්නේ..මට බෑ තවත් මෙහෙම දෙපැත්තක ඉන්න..පොඩි කාලයක්ද ?..මම දෙයක් කරන්නනම් මුලින්ම අපි එක තැනකට එන්න ඕනේ..උඹ මෙහේ මං එහේ.. මටත් බෑ තව කල් අරින්න..'

' බැදගත්තාම හරියයි කියලා හිතනවාද ? බැදගත්තායි දැන් කියලායි වෙනසක් නැහැනේ..ඇයි ඔයාට බැරි ඒක තේරුම් ගන්න...මමත් කියන්නේ ඔයා කියන දේම තමා..පොඩි කාලයක්ද ? මම කොච්චර උත්සහා කරාද ? ඔයාට අගයක් නෑ..එක සැරයක් බදින්න ලෑස්තිවෙන්න කිව්වාම මගේ පැත්තෙන් වෙන්න ඕනේ සේරම ලෑස්ති කරා..හොටෙල්වලට පවා ඇඩ්වාන්ස් බැන්දා...ඊටපස්සේ ඔයා පිස්සුවක් නටලා ඒක නැවතුනා..අන්තිමට සල්ලිත් නෑ මගුලත් නෑ..මං වචනයක් කිව්වාද ? ඔයාට කියන්න බෑ මං බදින්න බෑ කිව්වා කියලා..ඔයා කිව්ව ගමන් බදින්න මං ලෑස්තිවෙලා හිටිය කාලයක් තිබ්බා..ඒත් රෙෂාන් මෙහෙම ජීවත්වෙන්න පුලුවන්ද ? ඔයාට වෙන කෙනෙක් හම්බෙන්න තියෙන්නේ..එහෙනම් යාලුවෙලා දෙවෙනි අවුරුද්දෙම ඔයාගෙන් අයින්වෙලා..මම ඉවසපු තරම් වෙන කෙනෙක් ඉවසයිද ? ඔයාට දියුණුවෙන්න ඕනේ නම් මං ඇති... මං එක්ක එකතුවෙලා බිස්නස් කරන්න තිබ්බා...පටන් ගත්ත හැමදේම භාගෙට නවත්තලා දාලා යාලුවන්ට දෙනවා..අන්තිමට ඒවා උන්ටම දීලා දාලා ඉන්නවා..රටේ නැති මිනිස්සු එක්ක වලි..අවුරුද්දට දෙතුන් පාරක් මොකක් හරි ලොකු ප්‍රශ්නයක් දාගන්නවා..අවුරුද්දට එක දවසක් හරි කූඩුවට යනවා..බැලුවොත් උසාවී..මම වචනයක් කිව්වාද ? ඔයාගේ අම්මා ඉන්නකම් ඔය උසාවි පොලිසිවල බඩගායි..එයා නැතිවුනාම ඒවාට යන්න කෙනෙක් නැති නිසාද මාව කසාද බදින්නේ...මම අතින් කරින් ළමයි එල්ලන් ඊට පස්සේ ඔහොම විදවන්න ඕනේද ?' මගේ හඩේ පුංචිම කේන්තියක්වත් නෑ..කළකිරීමකුත් නෑ..ඒත් පැහැදිලියි..මම පුළුවන් තරම් උත්සහා කරේ මේ විදිහට දිගටම පැහැදිලිව මට කියන්න ඕනේ දේ කියන්න..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now