නපුරු වැස්ස 02 ( 13 කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයිආරන්යා කිසිම අදහසක් නැහැ ලවාන්ත් කියපු දේවල් ගැන..කෙල්ල බස් රථයට නැගිලා එහි ජනේලයක් අසල ආසනයකින් ඉදගෙන එයට හිස හේත්තු කරගත්තා..හිතේ රැව් පිලිරැව් දුන්නෙම ලවාන්ත්ගේ වචන..ඒ වගේම ඒ මුහුණේ තිබ්බ තරහා..
' ඔට්ටුව..ඒ මොකක්ද ඒ..' ආරන්‍යා කල්පනාවට වැටුනා..
' ඒ මිනිහාට පිස්සුද කොහෙද..විකාර කියවනවා..හරියට සිංහල කතා කරගන්නත් බෑ..කටට එන එක ඔහේ කියවලා දානවා..මට ඔට්ටු දාන්න වෙන වැඩ නෑනේ..' කෙල්ල හිතින් බනින ගමන් එය අමතක කරන්න උත්සහා කරේ ලවාන්ත්ගේ අප්‍රබංසේ තේරුම්ගන්න බැරි නිසා..කෙල්ලට ලොකු හුස්මක් හෙලුනේ ඉදිරිය ගැන නිශ්චිත හැගීමක් හිත තුලට කාවදිද්දී.. හිතුවාට වඩා දේවල්වලට මූණ දෙන්න වෙනවා කියලා ආරන්‍යාට දැනුනා..ඒ වගේම ලවාන්ත්ගේ හිතේ බයකට තිබ්බේ රස්සාවෙන් අස්වෙන්න කියන එක..ඒ වුනත් ලවාන්ත්ගේ වචන ඉදිරියේ ආරන්‍යාට හිතුනා ඔහු දැන්ම ඇයට ගැලවීමක් නොදෙන බව..
-----
හෝටලය ඉදිරියේ රථය නැවැත්වූ ලවාන්ත් එයින් බැසගත්තේ ඉදිරිපස අසුනේ සිටි මනෝට යතුරත් විසිකරගෙන..ඔහු අතකින් කොණ්ඩේ පිටුපසට කරමින් හෝටලයේ ස්වංකීය දොරෙන් ඇතුළුවෙලා ඉක්මන් අඩි තියමින් ඉදිරියට ගියේ පර්ස් එකේ තිබුන කී කාඩ් එක එලියට ගන්න ගමන්...ඔහු ලගින් ගිය සේවිකාවන් දෙදෙනකු ඔහුට උදෑසන සුභ පැතුම් එක්කරත් ඔහු ඔවුන් දිහා ඇහැකොනින් බලා ඉදිරියට ඇදුනේ හිනාවක්වත් නැති මූණකින්..ඒත් එකවර ඔහු නැවත හැරී බැලුවේ සේවිකාවන් දෙදෙනා දිහා..එයින් එක් අයෙක් මැදිවියේ කාන්තාවක් වුනත් අනිත් සේවිකාවනම් පුංචි කෙල්ලෙක්..ලවාන්ත් බලද්දී ඔවුන් බලන් හිටියේ ඔහු දිහා..කොල්ලා තරුණ සේවිකාව දිහා බලලා ලාවට වගේ හිනාවේගෙන හැරුනේ ඇය ඉක්මනට බිම බලාගද්දී..ලවාන්ත් කටකොනේ ඇදුනේ හිනාවක්..ඒ හිනාවෙන්ම යතුරත් කරකන ගමන් ඔහු සෝපානය දෙසට ගියේ දුවගෙන වගේ..
ඔහුගේ හිනාව තිබුනේ උඩුමහලට එනතෙක් පමණයි..සෝපානය විවරවද්දිම සිතට ඇතුළු වූ දහසක් අදහස් විසිර ගියේ ආරන්‍යාව සිහියට එද්දී..හිතට දැනුන කේන්තිය මහහරවගන්න වගේ ඔහුගේ දෙ අත්මිට මෙලවුනේ මුවින් සුසුමක් පිටවෙද්දී..ඔහුගේ කාමරයට ඇතුළු වූ ලවාන්ත් ලවාන්ත් කමිසය උනා දමා එය ගුලිකර සෝපාවට විසිකරලා එයින් කාට හෝ දමලා ගැහුවා වගේ..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️