නපුරු වැස්ස 02 ( 18 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයිආරන්යා ලවාන්ත්ට රවාගෙන වගේම ආපසු හැරෙද්දී කොල්ලා දුවගෙන වගේ ඈ වෙත ගියා..
' ආරන්යා නවතින්න...' ලවාන්ත් ඇගේ බාහුවකින් ඇල්ලුවේ එහෙම කියාගෙන...ආරන්යා ඔහු වෙත හැරුනේ කේන්තියෙන් වෙව්ලමින්..
' ඇයි..ඇයි මොකටද ? ' කෙල්ල දත්මිටිකාගෙන හිමීට වගේ කිව්වේ කලබලෙන් වටපිට බලනගමන්..
' මං තමුන්ට සුද්ධ සිංහලෙන් කිව්වා නේද අපෙන් ඈත්වෙලා ඉන්න කියලා..' ආරන්යා එහෙම කියලා දුවගෙන වගේ ඉස්සරවෙලා ගියේ පුංචි ගී ඇයගේ උරහිසට උඩින් ලවාන්ත් දිහා බලාගෙන ඉද්දී..
' අහ්..' ලවාන්ත් අතකින් කොණ්ඩේ පිටුපසට කරමින් දුවගෙන වගේ ගිහින් කාරයට නැගුනා..තත්පරගානක් රථය තුලට වී කල්පනාවක හිටිය කොල්ලා එය වේගෙන්ම හරවාගෙන රථය ඉදිරියට ගත්තේ පොළව කාගෙන වගේ..එය කෙලින්ම ඇවිත් නැවතුනේ බස් නැවතුම ඉස්සරහා..එහි තිබූ කුඩා බංකුවක ඉදගෙන ගීවත් ඔඩොක්කුවේ තියාගෙන හිටිය ආරන්යාට නැගිටුනේ ඉබේම වගේ..
' ආරන්යා කාර් එකට නගිනවා..' කාර් එකේ වීදුරුව පහතට කරපු ලවාන්ත් කේන්තියෙන් කෑගහලා වගේ කියද්දී කෙල්ල ඉක්මනට වටපිට බැලුවේ ලැජ්ජාවෙන්..බස් නැවතුමේ හිටිය හැමෝම වගේ මාරුවෙන් මාරුවට ඔවුන් දිහා බලමින් හිටියේ..
' මං බැහැලා එන්න කලින් කාර් එකට නගිනවා..' ඔහු කියද්දී ගී බයටම ආරන්යාගේ ගෙල වටා අත යවලා උරහිසේ මූණ හංගගත්තේ ලවාන්ත් දිහා හොරෙන් බලන ගමන්...
' මං එන්නේ නෑ..කරුණාකරලා යන්න මෙතනින්..' ආරන්යාත් ලැජ්ජාව පැත්තක තියලා දැඩි විදිහට කිව්වේ කාර් එක ලගට ළංවෙලා...ඒ එක්කම වගේ ලවාන්ත් කාර් එකේ දොරට අත තියලා එය අරිනවාත් එක්කම ආරන්යා කාර් එකේ දොර ඇරලා එයට නැගගත්තේ ලවාන්ත් කටකොනින් හිනාවේගෙන ඔහුගේ පැත්තේ දොර වහගද්දී..ලවාන්ත් කාර් එකෙන් එලියට ඇවිත් මොන විගඩමක් නටයිද කියලා හිතාගන්න බැරිවෙද්දී ආරන්යාට වෙන විසදුමක් තිබ්බේ නැහැ..පුංචී ගීත් ලග ඉන්න නිසා ඔහුගෙන් කරදරයක් වෙන්නේ නැහැ කියන්න කෙල්ල දන්නවා..ලවාන්ත් ලාවට හිනාවේගෙනම රථය ඉදිර්යට ධාවනය කරගෙන ගියේ ගී ආරන්යාට තුරුළු වෙලා හොරෙන් වගේ ඔහු දිහා බලන් ඉද්දී..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️