නපුරු වැස්ස 02 ( 51 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි' කා ගැනද දුෂී ඔයා කියන්නේ..' මම ඇහුවේ නහයත් හකුලගෙන වගේ..
' අක්කී මේ..ඔයා ඇත්තටම දන්නේ නැද්ද ? නැත්නම් දන්නේ නෑ වගේ රගපානවද ? මම හොදටම දන්නවා ඔයා ටියුබ්ලයිට්ස් නෙවේ කියන්න..ඔයාට අපිට වඩා දේවල් පේනවා ඇහෙනවා.. ' ඇය සැරෙන් පොඩි එකෙක් වගේ එක දිගට කියාගෙන යද්දි මට හිනාගියා..
' ඇයි අනේ..ඔයා මොකක්ද කියන්නේ..මම ආරන්‍යා ගැන හිතලා ලිව්වේ නංගී..ඔවේන්ගේ ජීවිතේ ආරන්‍යා වගේ චරිතයක් ඉන්නවා කියලා මම දැණගෙන හිටියේ නැහැ..අනික මට පුදුම ඔයා ඔවේන්ව දන්නෙත් මං නිසා..ඒ වුනාට ඔයා කොහොමද ආරන්‍යාව දන්නේ..' මම කියද්දී දුෂී මං දිහා බලාගෙන හිටියේ රවාගෙන..
' මං කියන්නේ ඔයා ගැන මෝඩියේ..ඔයා තමා ඔවේන්ගේ ආරන්‍යා..' කුතුහලයේ උපරිම මට්ටමේ හිටිය මට එකපාට හිනාගියේ ඒ වචන ටික ඇහුනාම..
'හෝව් හෝව්...මෝඩියේ මං කිව්වා නේද මේ ප්‍රශ්නෙන් මාව ඈත් කරලා මේ ගැන බලමු කියලා..මොකටද ආයේ මාව ඇදගන්නේ..මම කිව්වේ ආරන්‍යාට වුනා වගේ සිදුවීම් වුන කෙල්ලෙක් ඔවේන්ගේ ලයිෆ් එකේ ඇති කියලා..ඒ මම වෙන්න බෑනේ..මම ලිව්ව කිෂාලිගේ චරිතෙත් ඔවේන්ගේ ජීවිතේට ආවා වගේ එයාගේ ජිවිතේ ආරන්‍යා කෙනෙකුත් ඉන්න ඕනේ..'
' අනේ මන්දා අක්කී..ඔහොම හිතන්න ගියොත් හැමදේම අවුල් යනවා..ඔවේන් ගැන හොයාගන්න බැරි එකේ අපි කොහොමද ඕවා හොයාගන්නේ.. ඒත් මමනම් කියන්නේ කතාවේ තියෙන දේම රියල් ලයිෆ් එකේ වෙන්න කොහෙත්ම විදිහක් නැහැ..ඒක ලගින් යන දේවල්නේ වෙන්නේ..හැබැයි හැමදේම සමානාත්වතාවක් තියෙනවා..ඒ වුනත් චරිත වෙනස්..එක වගේ අය නැහැනේ..දැන් බලන්න ගිෂෝන් රෙෂාන්ගේ සමහර දේවල් ගැලපෙනවා..ඒ වුනාට ඒ දෙන්නා දෙන්නෙක්....ආරන්‍යා ඔයායි කොහොමත් දෙවිදියක්..ලවාන්ත් ගත්තත් ඔවේන්ම කියලා කියන්න බෑ..මොකද ඔයා අතින් ඇඩ් කරපුවාත් තියෙනවානේ..අපි හරියටම ඔවේන්ව දන්නේ නැහැනේ..එහෙම බැලුවොත් ආරන්‍යා කියන්නේ ඔයා තමා..' දුෂී කියද්දී මම කිසිම හිනාවක් නැතිව ඇය කියන දේට ඇහුම්කම් දීගෙන හිටියේ විටෙන් විට හිසවනමින්..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️