Napuruwessa 2-05

494 16 0
                                    

නපුරු වැස්ස ( 05 වෙනි වැසි දවස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

' ඔයා වැරදි නෑ ආගී..මටයි වැරදුනේ..' ආරන්‍යා කිව්වේ වේදනාවෙන්..

' ගී ඔයාමයි..මං අඩනවාට පොඩ්ඩක්වත් කැමති නෑ...' පින්තූරය දිහා බලා මුමුණපු කෙල්ල ඒ මත සිපුමක් තියලා දුරකතනය පසෙකින් තිබ්බේ පොඩි ගීව තුරුළු කරන් නින්දට වැටෙන ගමන්...

------------
සමාජශාලාව ගිගුම් දෙන හඩ මධ්‍යයේ ලවාන්ත් ඇතුළු පිරිස එහි විශේෂ පුද්ගලයන් සදහා වෙන් කෙරූ කුටියට පිවිසුනා...අවුරුදු ගානකට පස්සේ අද මිතුරන් ආයෙමත් එක් වුනේ අතීතයේ සුන්දර දවස් මතකයට ගෙන දෙමින්...ඒ වගේම තිදිනි ඈ ඇගේ යෙහෙලියන් පිරිසකුත් ටිකකින් සම්ප්‍රාප්ත වුනේ එහි තිබූ පුංචි අඩුවත් සම්පූර්ණ කරමින්..

'චියර්ස්..' වයින් වීදුරු එකිනෙක ගැටෙද්දී සියලු දෙනාගෙම මුවින් පිටවුනේ නිතැතින්..ලවාන්ත්ගේ නැවත පැමිණීම සැමටම එක් කරේ සතුටක්..කන් අඩි පුපුරවා යන තරමේ ශබ්දයට ඔහුගේ පිරිසේ කිහිපදෙනෙක් නටද්දී ලවාන්ත් හිටියේ මත්පැන් වීදුරුවක් පානය කරන ගමන් ඒ දිහා බලාගෙන..සිගරට්ටුවක් පානය කරමින් ඔහු වෙත පැමිණි තිනුක එය ලවාන්ත් වෙත දිගු කරගෙන ඔහු ලගින්ම ඉදගත්තා.. ලවාන්ත් අත තිබූ මත්පැන් වීදුරුව ඔහු ඉදිරියෙන් තියලා ඩන්හිල් සිගරට්ටුව පානය කර හිස අසුනට හේත්තු කරගෙන මුහුණ උඩු අතට හරවා මුවින් දුම් වලාවක් පිට කරා...

' මොකද..' තිනුක අහද්දී ලවාන්ත් ගෙල හරවා ඔහු දිහා බැලුවේ 'ඇයි' කියන්නා වගේ බැලකින්..

' ඔහොම ඉන්නේ..ලෙට්ස් ඩාන්ස්...'

' තව ටිකකින්..' ඔහු නැවත දුම් පානය කළ දුම් වළාවක් මුවෙන් පිටකරා..

' ඔයා ඩ්‍රින්ක්ස් ගන්නේ නෑ..' තිනුකගේ ඇස් යොමුවුනේ ඔවුන්ට ටිකක් එහායින් ඉදගෙන ඉන්න කිෂාලි වෙත..ලවාන්තුත් ඒ මොහොතේම ඇය දිහාවට හැරුනා..ඇය හිස දෙපසට සැලුවා ලාවට හිනාවෙලා..

'ස්මෝකින්ග්..' ලවාන්ත් ඔහුගේ ඇගිලි අතර රැදී තිබූ සිගරට්ටුව පෙන්වා කියද්දී ඇය දුන්නේ කලින් ප්‍රතිචාරයමයි..

' ඔහ්...ක්ලබිං ආවේ ෆස්ට් ටයිම් නේද ? ' කොල්ලා හිනාවේගෙනම ඔහුගේ සිගරට්ටුව පානය අවසන් කරලා එය මේසයේ තියෙන කුඩා බදුනට දැම්මා...

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now