නපුරු වැස්ස 02 ( 50 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයිතවත් අටුවා ටීකා මොකටද ? මේ තරම් ඔවේන්ගේ පෝස්ට් මට ගැලපෙද්දි ඇයි මම තවත් ඒ ඔහු නෙවෙයි කියලා හිතන්නේ.. ඇයි මම එහෙම හිතන්න අකැමැති වෙන්නේ..ඔවේන් ඉදිරියේ මාව සුළුවට දකින්න හදන නිසාද ?
කළුපැහැ කැබ් රිය දකිද්දිම මට සැකයක් හිතුනේ එදා ඔවේන්ව දැක්ක දවසේ එය දුටු නිසා..ඒ වගේම එහි සිටියේ එදා සිටි ආරක්ෂයන්..ඔවුන්ගේ මුහුණු මතකයේ තිබ්බ නිසාම මට ඒ ඔවුන් කියලා හිතන්න ඕනේ වුනේ නැහැ..ඔවුන් ඉන්නේ මං දිහා බලාගෙනනම්, ඔවුන් මා පසුපස එනවානම් තව දුරටත් ඒ ඔවේන් නෙවේ කියලා හිතන්නේ ඇයි මං..සීයයට සීයයක්ම මම ඒ ඔවේන් කියලා දැනගෙන ඉවරයි..මම කල්පනා කරේ මේ ගැන උපේඛා අක්කාට හා දුෂීට කියනවාද නැද්ද කියලා..අවසානයේ ඔවුන්ට ඒ ගැන කිව්වත් ඒ ඔවේන් කියලා මම පිලිගත්තා කියලා නොදන්වා හිටියේ මම මුල සිටම ඔවුන්ගේ අදහස් ප්‍රතික්ෂේප කරපු නිසා...අනික ඔවේන් එහෙම කරන්නේ ඇයි කියන ප්‍රශ්නේ තවමත් මගේ ඔළුවේ තිබ්බා..උපේඛා අක්කානම් හිනාවුනේ ඇය කලින් ඉදන්ම එය දැනන් හිටිය නිසා කියලා මට හිතුනා..ඒ වුනත් මම වෙනදා වගේම ඇය හා එකග වුන බවක් පෙන්නුවේ නැත්තේ එය සතුටට කාරණයක්ද දුකට කාරණයක්ද කියලා තවමත් දන්නේ නැති නිසා වෙන්නැති..ඒ වගේම මගේ මුරණ්ඩුකම නිසා වෙන්නැති ( සමාවෙන්න )
'ඇයි අක්කා ඔයා ඔච්චරම අකැමැති ඒ ඔවේන් කියලා පිලිගන්න..' දුෂී අහද්දි මමත් එය කල්පනා කරන්න ගත්තා.. ඇත්තටම එයට හේතූ කිහිපයක්ම තිබ්බ කිව්වොත් හරි...
' මේකයි..ඔයා මේ සීන් දැනගත්තේ ලගදිනේ නංගී..ඔවේන් ගැන මම හොදක් අහලාම නෑ..ඒකනේ මම ලවාන්ත් චරිතේ ඒ විදිහට මැව්වේ..ඒ වුනාට අහලා තියෙන හැමදේම ඇත්ත නොවෙන්න පුලුවන්..ඒ වුනත් ඔවේන් වගේ කෙනෙක්ගේ හිතේ මං වගේ කෙනෙක්ට කැමැත්තක් ඇතිවෙනවා කියලා හිතන්න බෑ..'
' ඇයි එහෙම කියන්නේ..ඔයාගේ මොනවාද අඩුපාඩු..' දුෂී කිව්වේ කේන්තියෙන් වගේ..
' අඩුපාඩු කාගෙත් තියෙනවානේ..කවුරුත් සර්ව සම්පුර්ණ නැහැනේ..ඒ වුනාට මම කියන්නේ ඔවේන්ලා වගේ අය කැමැති විදිහේ ගෑණූ ඉන්නවා..ඒ කියන්නේ එයාලට ගැලපෙන ටයිප්..මම ඒ ටයිප් එක නෙවේ..ඒකයි මං කියන්නේ..ඒ නිසා ඔවේන් මගේ පස්සේ එන එක සුළුවට හිතන්න බෑ..ඔවේන් වගේ කෙනෙක් මාව ෆලෝ කරනවා කියන්නේ මොකක්ම හරි හේතුවක් තියෙන්න ඕනේ..' මම කිව්වේ පොතක පිටුවක් පුරා ඔහේ මගේ අත්සන ගහමින්..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️