Episode 55

186 8 6
                                    

නපුරු වැස්ස 02 ( 55 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

මගේ හිතේ රෙෂාන්ට තිබුන අන්තිම ආදර අංශුවත් ඒ විදිහට මැකිලා ගියා..එදා ඉදන් මම හිටියේ රෙෂාන් කියලා කෙනෙක් මේ ලෝකේ නෑ කියලා හිතාගෙන..ඇත්තම කිව්වොත් මට ඒක කරන්න අමාරු වුනේ නැහැ..ඒ වුනත් තවමත් රෙෂාන්ගෙයි මගෙයි බන්ධනේ අහවරක් නැතිකම මාව අසරණ කරා..මම දවසින් දවස පැනලා දුවන්න වීදිහක් හොයන්න පටන් ගත්තා..

' මේහ්..' අම්මා කවදාවත් නැතිව හයියෙන්ම කතා කරද්දි මම ඇය දිහා බැලුවේ කේන්තියෙන්...

' බයවුනා අනේ..' නොරිස්සුම් හඩකින් මම කිව්වේ ඇත්තටම මාව තිගස්වපු නිසා..

' මං කී සැරයක් කතා කරාද ? ' අම්මා කියද්දි මට හිතුනා ඇගේ උස් හඩට හේතුව මම මේ ලෝකෙන් ඈත කල්පනාවක හිටිය නිසා බව..

' ඇයි ඉතින්..' මම ඇහුවෙ ඕනෑවට එපාවට වගේ ෆෝන් එක ඔබමින්..

' අද හවස යමු මල්ලිකා ආන්ටිලාගේ ගෙවල් පැත්තේ..මට කෝල් කරලා එන්න කිව්වා..' අම්මා කියද්දි මම දුරකතනය පසෙක තියලා ඇය දිහාවට හැරුනා..

' ඔයා යන්න අනේ..මට බෑ..' ගෙදරින් එලියට යන්නවත් මට මානසිකත්වයත් තිබ්බේ නැහැ..මම ටිකෙන් ටික බිත්ති හතරට නිදහස හොයන්න හුරුවෙමින් හිටියේ....

' ඔයාවත් එක්ක එන්න කිව්වා..අනික අද සෙනග පිරිලාත් ඇති..අවුරුදු දෙකකට පස්සේනේ..' අම්මා කිව්වේ කාමරෙන් එලියට ආව මගේ පසුපස වැටෙමින්..මුළුතැන්ගෙට ඇතුළු වුන මම ෆ්‍රිජ් එක ඇරලා ඇය දිහාවට හැරුනේ කූල් වතුර බෝතලේ අතට ගනිමින්..

' ඇයි ඒ? සෙනග..? ' මම වතුර උගුරක් බීලාම ඇහුවේ..

' පල්ලියේ මංගල්ලෙනේ ළමයෝ..ටවුම් පැත්තේ එහෙම යද්දි ඔයා දැක්කේ නැද්ද පාර සරසලා තියෙනවා..'  උගුරට ගිය වතුර ටික නහයෙන් ආවා වගේ මට දැනුනේ..

' මම ගියේ ඒ පාරෙන් නෙවේ..' මම කිව්වේ හීනෙන් වගේ..මගේ මතකේ වෙලාගත් මෙතුවක් දවසක් අමතක කර දැමූ ඔවේන්..

' ඒත් ඔයා දන්නේ නැද්ද මේ මාසේ පල්ලියේ මංගල්ලේ කියලා..'

' මට කොහෙද ඒවා මතක මේ මාසේ හරියට මතකත් නැතුව..වෙලාව යනවා තේරෙන එකක්යැ...අනික බෝ ම් බ ගැහුවා , ඊගාවට කොරෝනා..ඒ නිසා
එක මංගල්‍යයක්වත් තිබ්බේ නෑනේ..' මම එහෙම කිව්වේ සැරෙන් සැරේ වතුර උගුරු කිහපයක් බොමින්..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now