නපුරු වැස්ස 02 ( 19 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි***
' ආරු...' ගිෂෝන් ගෙට ඇතුළු වුනේ කෙල්ලගේ නම කියාගෙන..අද පුංචි ගීගේ අවුරුද්දේ උපන්දිනේ..ගිෂෝන්ගේ අතේ තිබ්බේ තරමක් විශාල නිල් පැහැති කේක් එකක්..සාලය මධ්‍යයට වෙන්න සරසලා තිබුන මේසය මතින් කේක් එක තියපු ඔහුගේ දෑස් ගේ පුරාම ගියේ මුවේ හිනාවක් ඇදෙද්දී..මුළු නිවසම නිල්පාටින් සරසලා..මේ සේරම ආරන්‍යාගේ වැඩ කියන්න ඔහු දන්නවා..' ආනේ කේක් ගෙනත්..' කුස්සිය පැත්තේ ඉදලා ආව ආරන්‍යා දුවගෙන ඇවිත් කේක් එක ලගින් හිටගත්තේ අත්පුඩි ගහනගමන්..
' ඔයාට නෙවේ ගීට ගෙනාවේ...' ගිෂෝන් කියද්දී කෙල්ල ඔහු දිහා බැලුවේ රවාගෙන..
' එයා කේක් එක කපනවා විතරයිනේ..කන්නේ මම..' මුවපුරා හිනාවෙමින් ආරන්‍යා කියද්දී ගිෂෝන් ඇයගේ ඉන දෙසින් අල්ලා ලගට ඇදලා ගත්තා..ආරන්‍යා ඇස්වලින් ඇයි කියලා ඇහුවත් ඔහු කරේ හිස දෙපසට වනපු එක..
' දැන් පොඩි නෑ ඔයා..බබෙක් ඉන්න අම්මා කෙනෙක්..' ගිෂෝන් කම්මුලක් මිරිකලා කියද්දී ආරන්‍යා ලැජ්ජා හිතුනේ කෝල හීනාවක් මුවගේ ඇදෙද්දී..ඒ තත්පරේම කෙල්ල සාමාන්‍ය පෙනුමක් මවාගෙන ගිෂෝන්ගෙන් ඈත් වුනේ ඔහුගේ බාහුවට පහරක් ගසමින්..
' කෝ ඔයාගේ පොඩි ගී..' ගිෂෝන් අහද්දී ආරන්‍යා ඔහු දිහා බැලුවේ ඇස් පුංචි කරගෙන..
' මගේ ගී කියන්නේ ඔයාගේ ගී නෙවේද ? ' කෙල්ල අහද්දී ගිෂෝන් හිනාවුනේ ඇගේ කොණ්ඩේ අවුල් කරමින්..
' ඔයාගේ ගී..මගේ සන්සෙව්..කෝ නිදිද ? ' ගිෂෝන් අහද්දී ආරන්‍යා හිස වැනුවා..
' සේරම හරි නේද නෝනා...' ගිෂෝන් අහද්දී ආරන්‍යා හිස වැනුවේ කේක් එකේ ෆොටෝස් ගනිමින්..ගිෂෝනුත් ඔහුගේ දුරකතනය අතට ගෙන ඇමතුමකට සම්බන්ධ වුනේ සෝෆාවේ දිගාවෙනගමන්..ඒ එක්කම වගේ නිවසට ඇතුළු වුනේ ගිෂෝන්ගේ පවුලේ කිහිපදෙනෙක්..ආරන්‍යා ඉක්මනට ගොස් ඔවුන්ව පිලිගත්තේ ගිෂෝනුත් අතවනද්දී..
' දැන් අපිත් ලෑස්ති වුනානම් හරි නේද ? ' කෙල්ල කියද්දී ගිෂෝන් හිසවනාගෙනම නැගිටගත්තා..කොල්ලා කාමරේට ආවත් ආරන්‍යා ආවේ නැහැ..ඒ නිසාම ඔහු සාලයට එබී බලද්දී දැක්කේ ආරන්‍යා ඔහුගේ පවුලේ අය සමග කතා කරමින් ඉන්න එක..ගිෂෝන්ගේ දෑස් ඊගාවට එල්ල වුනේ සයනය මධ්‍යයේ සුව නින්දක ඉන්න ගී වෙත.. ඔහුගේ පා සයනය වෙත ගියේ ඉබේම වගේ..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️