නපුරු වැස්ස 02 (46 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි' ඔයාට පිස්සුද වින්කි..' රෙෂාන් කියද්දි මම ලොකු හුස්මක් හෙලුවා..
' ඔව් පිස්සු..තවත් ඔයා ඇත්ත කියයි කියලා ගොනා වගේ අහන මට පිස්සු..' මම කිව්වේ කළකිරීමෙන් වගේ..
'ඇත්ත කියන්න ඇයි ඔච්චර අමාරු..මම ඔයාට නොකියා කඩේට ගියත් මරන් කන්න හදනවා නේද ? ' ඇත්ත කියන්න අනේ..මට ඔයා එක්ක හොදින් ඉදලාම හති රෙෂාන්...ඇයි අනේ මට මෙහෙම කරන්නේ..' මගේ වේදනාව කදුළු වෙන්න ඒ හැඨි වෙලාවක් ගියේ නැහැ..රෙෂාන් නිහඩව බලාගෙන හිටියා විතරයි..
' දැන් මම මොකක්ද කියන්න ඕනේ..' රෙෂාන්ගේ හඩේ රළු ගතියත් ටිකක් අඩුවෙලා තිබුනේ..
' ඇත්ත.....හරි මට කියන්න ඔයා මුකුත් බිව්වෙම නැද්ද ? ඔයා බොනවානේ..'
' මම ඉස්සර ගත්තා..දිගටම ගත්තේ නැහැ..ඔයා ඒක දන්නවා..' ඔහු කිව්වේ සයනයේ ඇලවෙමින්..
'මම ඒක දැනන් හිටියා..ඒත් ඔයාගේ කටින් මට කිව්වේ දැන්..හැබැයි මම අහන්නේ ඉස්සර නෙවේ..දැන් ඔහොම ඉන්නේ ඇයි කියලා..' මම තදින් වගේ ඇහුවේ..
'දැන් මොනාවෙන්නද ?' ඔහු කිව්වේ නොරිස්සුමෙන්..
' එතකොට ආරංචි වෙන්නේ මොනවාද ? රෑ එළිවෙනකම් එක එක කාලකන්නි එක්ක ඉන්නේ..ගෙදර ඇවිත් දවස් ගණන් නිදි..නැගිට්ටත් මාව මරන් කන්න යනවා..අම්මලා එක්ක මරාගන්නවා සල්ලි දෙන්නේ නැහැ කියලා..තමුසෙට මොනවාද වෙලා තියෙන්නේ රෙෂාන්..තමුසේ ඇයි මෙහෙම බොරු කියන්නේ..' මගේ හඩ උස්වෙන්න ඇති..කෙතරම් පාලනයකින් කතා කරන්න හැදුවත් මේ තත්වේ එක්ක මට මාව පාලනය කරගන්න අමාරුයි..මම ඇස්වලට උනපු කදුළු වැටෙන්න නොදී තද කරගෙන වගේ හිටියේ ඇහිපිල්ලමක්වත් ගහන්නේ නැතුව..
' උඹට නම් හොදටම පිස්සූ..එක එකාගේ කතා අහලා මොලේ විකාර වෙලා..බොන්නේ නැහැ කියන්නේ බොන්නේ නැහැ..' රෙෂාන් කේන්තියෙන් වගේ කියද්දි මම ගස්සගෙන වගේ ගිහින් පොත් මේසය අසල පුටුවෙන් වාඩිවුනේ ලැප්ටොප් එක විවර කරමින්...
රෙෂාන්ගේ වුනත් නිදාගන්න ඇත්තේ තවත් මාව රවටන්න අමාරු බව දැනෙන නිසා වෙන්නැති..නැතිනම් මේ බහින් බස්වීම් නිහඩවෙන්නේ ඔහු දින්නාට පස්සේ...
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️