නපුරු වැස්ස 02 ( 61 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයිඔහු නිසා ආරන්‍යා හිනාවෙනවා කොල්ලා දැක්කමයි..ලවාන්ත් හිනාවේගෙනම ඉස්සරහා බලාගත්තේ තොල්පටකුත් හපාගෙන..ලවාන්ත් මුහුණේ අමුතු එළියක් දැක්ක නිසා තිනුක ඇහිබම ඔසවලා 'ඇයි' කියලා ඇහුවත් ලවාන්ත් හිස දෙපසට වනා ඉදිරිය බලමින් නහය උඩට ඇද්දේ දෙතොලේ ඇදුනු හිනාව සගවගන්න වගේ...රැවන් ඇමතිගේ නිවස ලංවෙද්දි ආරන්‍යාගේ හිත වගේම කවදාවත් නැතිව ලවාන්ත්ගේ හිතටත් ඇතිවුනේ ගැස්මක්..ඔහුගේ නිවස ඉදිරිපිට පොලිස් රථයක් සහා වාහන කීපයක් නවතා තියෙනවා දකිද්දි ආරන්‍යාගේ බය දෙගුණ තෙගුණ වුනා...තිනුකගේ රේන්ජ් රෝවර් රථයට ලවාන්ත්ගේ විසල් මාලිගාවේ ගේට්ටු ඇරෙද්දි කොල්ලා පිටුපස හැරිලා ආරන්‍යා දිහා බලද්දි ඇයත් බයෙන් වගේ බැලුවේ ලවාන්ත් දිහා..ලවාන්ත් ඇස්වලින් සන් කරේ සන්සුන් වෙන්න කියලා...ආරන්‍යා කවදාවත් නැතුව ලවාන්ත්ගේ ඒ විධානයට හිස වැනුවා..වාහනය කෙලින්ම ඇතුළු කරේ නිවසේ ගරාජයට..
' මොකද මෙච්චර සෙනගක් ඉන්නේ..මං කාවහරි මැරුවා වගේනේ..' ලවාන්ත් කිව්වේ නිවසේ ඉස්තෝප්පුව කොටසේ විස්සක විතර පිරිසක් හිටිය දැක්ක නිසා..
' ඔය අංකල්ගේ යාළුවෝ..ඒක අවුලක් නෑ..' තිනුක එහෙම කියාගෙන දොර ඇරගෙන බැසගත්තා..
' නංගි මේ,...සොරි සොරි..අක්කේ ඔයාත් බහින්න..' තිනුක කිව්වේ පිටුපස අසුනේ ඉන්නේ ආරන්‍යා දිහා එබී බලලා..ලවාන්ත් මාරුවෙන් මාරුවට බැලුවේ ආරන්‍යායි තිනුකයි දිහා..තිනුක කින්ඩියට වගේ හිනාවෙද්දි ලවාන්ත් ඔහුට රැව්වා..
' බබාට නින්ද ගිහින් නේද ? ' ආරන්‍යාගේ ඔඩොක්කුවේ ඉන්න ගී දිහා බලලා කියද්දි තිනුකත් එබිලා බැලුවා..
' බබාව මං ගන්නම්..ඔයාලා දෙන්නා යන්න..මං පිටිපස්සෙන් පොඩි එක්කෙනා එක්ක යන්නම්..නැත්නම් එයා ඇහැරෙයි අතන ඉන්න උන්ගේ සද්දෙට..' තිනුක කියද්දි ලවාන්ත් හිස වැනුවේ ඔහු කියපු දේ හා එකගවෙමින්..
' අනේ එපා..බබා මං ලග හිටියදෙන්..' ආරන්‍යා බයෙන් වගේ කිව්වේ ගීව තුරුළු කරගෙන..කෙල්ල එච්චර බයවුනේ ඇයි කියලා හිතාගන්න බැරිව වගේ ලවාන්තුයි තිනුකයි මූණ මූණ බලාගත්තේ..
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️