Episode 49

169 7 2
                                    

නපුරු වැස්ස 02 ( 49 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

'ඇයි ? ඇයි ? ඇයි ? ' මම එකදිගට කීපසැරයක්ම කිව්වේ හිනාව නවත්තගන්න බැරිවෙද්දී..

' ඇයි අක්කී ? ' දුෂී අහද්දී මම නිහඩ වුනේ 'මුකුත් නැහැ' යි කියමින්..

****

' ඇත්තටම ඒ එයානම් අපිට හිතන්න තියෙන්නේ මෙච්චරයි..එයා මුලින් ඔයාගේ පස්සේ හුරුකමට..අවුරුදුගානකට කලින් ඉන්ස්ටා සීන් නිසා ඔයාව මිනිහාට මතක ඇති...අනික ඒ දවස්වල වුනත්  ඔයා එයාව රිමූ කරපුගමන් රික්වෙස්ට් දැම්මා කියන්නේ නෝට් කියන එකනේ..ඊට පස්සේ ඔයා පේන්න නැතිව යනවා...අවුරුදුගානකට පස්සේ දකිද්දි හැඩ හුරුවට තමා එන්න ඇත්තේ..ඒත් ඔයා වෙනස්වෙලානේ සෑහෙන්න...ඒ නිසා මිනිහාට කුතුහලේ තියෙන්නත් ඇති..අනික උබ ඉන්ස්ටා එෆ්බී එකෙන් හින්ට් ගහද්දී ඌගේ ඉස්න්ටා එක්ක කම්පෙයා කරලා ස්ටෝරීදාද්දී නෝට්නේ..ඒ නිසා මෑන්ට උඹව ස්පෙෂල්..මෙතන පොඩි ජොලියකුත් තියෙනවානේ..අපිට හිතාගන්න බෑ වගේ මෑන්ට හිතාගන්නත් බැරුව ඇති..නැත්නම් එයාට වෙන හේතුවක් නැහැනේ..එහෙමත් නෙවෙනම් ඉතින් ලවාන්ත් නිසා..උඹ ඌගේ කැරැක්ටර් එක අරන් කතාවක් ලියනවා කියලා ආරංචිය ගිහින් නිසා වෙන්න ඕනේ..' මම මුකුත් නොකියා අහගෙන හිටියේ දිනුගේ කියවිල්ල..

' ඉවරද ? ' මං ඇහුවේ හිනාවේගෙන..

' මොකක්ද ? '

' ඔයාගේ බණ..මං කීසැරයක් කියන්නද දිනූ ඒක කතාවක් බං...කවුරුත් මගේ පස්සෙන් එන්නේ නැහැ..' කිසිම දෙයක් ස්ථීර නොවී නිගමනේකට ඇවිත් බොරුකාරියක් වෙන්න බැරි නිසාම මම කිහිපසැරයක්ම දිනූට කිව්වත් දිනූ කැරකිලා එන්නෙම ඔවේන් ළගට..

' ඒ සොරි සොරි බං..කොච්චර කියෙව්වත් කතාව ගැන කතාවෙද්දී දන්නෙම නැතුව  ට්‍රැක් එකට එනවා...' ඇය කිව්වේ හිනාවේවී සමාව අයදිනගමන්..

' කතාවට අනුව කවුද දන්නේ නොවේන් සාරාව ෆලෝව් කරන්නේ වෙන හේතුවකටද කියලා..සාරාගේ පස්සෙන් වෙන කවුරුහරි ආවේ...ඒත් සමහර දේවල් නිසා සාරා මුලින් ඒ නොවේන් කියලා හිතාගෙන විකාර වැඩ කරානේ...ඒ නිසාම නොවේන්ට නෝට්වුනා වෙන්න පුළුවන්..ඒ මිනිහා හිතන්න ඇති සාරා ඌ ගැන හොයනවා..පස්සෙන් එනවා කියලා..ඒ නිසා නොවේන් හොයන්න ඇති..' මම ඕනාවට එපාවට කිව්වේ ඇත්තටම සාරාට පණ පොවන ලාරා විදිහට මට හිතුන දේ..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now