26

260 13 0
                                    

නපුරු වැස්ස 02 ( 26 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

' කතරගම මොකක්ද වුනේ..හේෂිත් මං ඔයාගෙන් අහන්නේ..' බැල්කනියට යාම පසෙකලා ලවාන්ත් කිව්වේ හේෂිත් දිහාවට හැරිලා නළලත් රැලි කරගෙන වගේ..සෝෆාවෙන් වාඩිවෙන්න හැදුව හේෂිත් නැගිටගත්තේ ලොකු හුස්මක් පිටකරමින්..

' මං මේක කිව්වොත් උඹ මං එක්ක කතා කරන එකකුත් නෑ..' හේෂිත් එහෙම කියාගෙන ලවාන්ත් වෙත යද්දී තිනුකත් සෝෆාවේ දිගාවුනේ ඔහු මොකක්ද කියන්න හදන්නේ බලන්න..ලවාන්ත්ගේ ඇස්වල සැකයක් මතුවෙද්දී ඔහු හේෂිත් දිහා බලාගෙන හිටියේ දැඩි බැල්මකින්...

'ආරන්‍යාගේ සීන් එක වුන දවස්වල අපි කතරගම ගියා මතකද ? ' හේෂිත් අහද්දී මොහොතක් කල්පනාවක හිටිය ලවාන්ත් හිස වැනුවා..

' එදා එතනදී කවුද ආරන්‍යා කියලා නමක් කියනවා ඇහිලා උඹ හිතුවේ මේ කෙල්ලද දන්නෙත් නෑ කියලා..'

' අහ් මටත් මතකයි සීන් එක..අර කොල්ලෙක් හෙව්වේ ඒ නම තියෙන කෙල්ලෙක්ව..ලුවියා හිතුවේ මේ ආරන්‍යා කියලානේ..' තිනුක හිනාවෙවී කිව්වේ ලවාන්ත් එවෙලෙත් පිස්සෙක් වගේ ඒ ඔහු හොයන ආරන්‍යා කියලා හිතුව නිසා..

' දැන් හේෂිත් කියන්නේ ඒ ආරන්‍යා මේ ආරන්‍යා කියලාද ?' තිනුක කියලා ඉවරවෙනවත් එක්කම ලවාන්ත් ඇහුවේ ඔහුගේ හිතට දැනුන සිතුවිල්ලට...ඒ එක්කම හේෂිත් ලොකු හුස්මක් හෙලමින් හිස වැනුවේ ලවාන්ත්ගේ ඇස් පුදුමයෙන් පිරෙද්දී..

' මොකක්..' සෝෆාවේ සුව පහසුව දිගාවෙලා හිටිය තිනුකව එකපාට ඉන්දුනේ කෑගැහෙද්දී...

' මොකක්ද ඔයා කියන්නේ..' ලවාන්ත් ලාවට හිනාවේගෙන අමුතුවට වගේ ඇහුවේ හේෂිත් කිව්ව දේ විශ්වාස කරන්න බැරුව..

' එදා ඒ මිනිස්සු හෙව්ව කෙල්ල මේ ආරන්‍යාම තමා..අපි සෙට් එක හිටිය තැනට ඉස්සරහා කෙල්ල ඉදගෙන හිටියේ..කෙල්ල අපිව දකිද්දිම මමත් දැක්කා..මම ඔයාට කියන්න හැදුවේ ලුවී..එකපාට කෙල්ල මං දිහා බලලා අත් දෙක එකතු කරලා වැදගෙන එපා කියලා කිව්වා..මට කරගන්න දෙයක් නැතිවුනා බං..මම ඒ නිසා මම කෙල්ලට යන්න කියාගෙන උඹට කවර් වෙලා හිටගත්තා..' හේෂිත් ලවාන්ත් දිහා බලාගෙන කියලා බිම බලාගත්තේ හොදම යහළුවාට ද්‍රෝහී වුනාදෝ හැගීමෙන්..ලවාන්ත් මොහොතක් හේෂිත් දිහා බලාගෙන ඉදලා ඔහුවත් පසුකරගෙන විත් සෝෆාවෙන් වාඩිවුනේ මේසය මත තිබූ මත්පැන් වීදුරුව අතට ගනිමින්...

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now