නපුරු වැස්ස 02 ( 42 වෙනි කොටස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි' අදත් ඔවේන් එකපාට මතකෙට ඇවිත් ගියා..මගේ ජිවිතේ විසදුමක් නැහැ කියලා හිතෙන හැම වෙලාවකම ඔවේන් මතුවීම අදනම් මට ගැටළුවක් විදිහට පෙනුනේ නැහැ...අවුරුද්දක් කිට්ටුවෙන්න තිස්සේ වෙන අද්භූත දේවල් වගේම ඔහු හා සම්බන්ධ හීන නිසා මට එහෙම හිතුනා..මාස ගණනක් තිස්සේ ඔහු ප්‍රධාන මාතෘකාවක් වුන නිසා දැන් ඔවේන් මගේ ඉස්සරහාට ආවත් මට එක ලොකු දෙයක් විදිහට දැනෙන්නේ නැතිවෙයි..මොකද එය විය හැකි දෙයක් කියලා මගේ හිතත් දැන් ටික ටික පිලිගන්නවා..
තව ටිකක් ඉවසන්න..හැමදේම හරියයි..
මේක තමයි සම්බන්දෙට දුන්න නම..තත්පරේකට මාව වෙනස් කරන සිතුවිල්ල..ඒත් ඒ සිතුවිල්ලේ පෙනෙන මානයක නැහැ..මම ඉවසන්නේ මොකටද ? හරියන්නේ මොනවාද ? මම අදටත් හිතන්න ගිහින් නැහැ..ඒ වචනවලට තේරුමක් තියෙනවාද?..ඒ වචන ටික ඇයි ඔවේන්ව මතකෙට ආපු ගමන් දැනෙන්නේ..ඔවේන් මට මොන වගේ කෙනෙක්ද කියලා කෙනෙක් ඇහුවොත් මට දැන් දෙන්න උත්තරයක් තියෙනවා..ඒ තමයි තව ටිකක් ඉවසන්න, හැමදේම හරියයි වගේ කෙනෙක්..මේ මොහොත වෙනකම් ඔවේන්ගේ චරිතය ගැන තිබ්බ නොපැහැදීම මේ මොහොතේ ඉදලා මම අමතක කරන්න හිත හදාගත්තා..ලෝකේටම වැරදිකාරයෙක් වුනත් ඔහු මට කරපු වරදක් නැහැ..නොදැන හෝ ඔහු ශක්තියක් වෙලා..ඒත් ඇයි ? ඒක අද ඊයෙක වුන දෙයක් නෙවේ..ඒක වුනේ පුංචි කාලේ..මට එහෙම හිතෙනවා.. ඔවේන්ව මතක තිබ්බ තරම් මට පොඩිකාලේ මුණ ගැහුන එක ළමෙක්වත් මතක නැහැ..
' හායි..' මට මතක්වෙන්නේ ඔවේන් ලැජ්ජාවෙන් මට අත වනපු විදිහ..මට දැනුත් හිනායනවා ඒක මතක්වෙද්දිනම්..ඒත් ඒ ළමයා දැන් සෑහෙන්න වෙනස්..හිතාගන්න බැරි තරමට..ඒ නිසායි ඒ මට පරණ ඔවේන්ව දැන් ඉන්න ඔවේන්ගෙන් දකින්න බැරි..
මේ සිතුවිල්ල මම හිතින් මවාගත්ත දෙයක් හෝ හදාගත්ත දෙයක් කියන්න මම කැමැති නැහැ..මොකද ඒක එහෙම නෙවෙ නිසා..පුංචි ඔවේන්ව මගේ හිතේ තැන්පත්වෙලා තියෙන්න ඇති..ඒත් ඒක මේ වෙන කිසිදේකට සමබන්ධ නැහැ කියලා මට දිවුරන්න පුළුවන්..රෙෂාන්ගෙයි මගෙයි සමබන්දේ පටන් ගත්ත කාලේවත් , ඊට කලින්වත් ඔවේන් කියන නමවත් මගේ ඔළුවට ආවේ නැහැ..පුංචි කාලේම ඒ මතකෙ අතීත මතකයක් විදිහට හැංගිලා ගිහින් තිබ්බේ...
YOU ARE READING
Evil Rain 02 ( නපුරු වැස්ස 02 )
Romanceනපුරු වැස්ස 01 කියවීමෙන් පසු 02 කියවන්න. නපුරු වැස්ස 01 wattpad හී පළ කර ඇත. මල් වැස්සට මරණ වරෙන්තු ගෙන ඇද හැලුනා නපුරු වැස්ස ☔️⚡️