Episode 48

161 8 6
                                    

48
' වට්ද හෙල් ඊස් ගොයින් ඔන් හියර්..' මට ක්ෂණිකව හැරිලා බැලුවා කිව්වොත් හරි...කැබ් රිය තවමත් එලෙසමයි..මම ඉක්මනට ඉදිරිය බලාගත්තේ ඉහලට ගත්ත හුස්ම පහලට දාන්න අමතකවෙද්දී...පැති කන්නාඩියෙන් ඔහු බලන් ඉන්නවා කියලාමයි මට හිතුනේ..මම ඉක්මන් අඩි තියලා ඉස්සර වුනා..මට කිසිවක් හිතාගන්න බැහැ..ඉක්මනට අයිස්ක්‍රීම් එක කා දැමූ මම මාස්ක් එක පැළදගත්තා..තවමත් රථය ඉදිරියට ඇදුන හඩක්වත් මට ඇහුනේ නැහැ..ඔහු යා යුත්තේ මා යන මගෙන්මයි..
' මාව ෆලෝ කරපු කෙනා ඒ ඔවේන් නෙවේනම් දැන් මෙතනින් යන්න ඕනේ..ඒ ඔවේන් නම් එයා යන්නේ නැහැ..' මම හිතින් එකගතාවයකට ආවා..මේ මාස කිහිපය පුරාවටම වුන සිදුවීම් එක්ක අපිට දෙයක් දැනිලා තිබ්බා..ඒ මා පසුපස එන පුද්ගලයා කවුරු වුනත් ඔහුට ඕනේ මා පසුපසින් කෙනෙක් එනවා කියලා දැනෙන්න දෙන්න විතරයි.මගේ පස්සෙන් ආ කෙනා කවුරු වුනත් ඔහු මාව හැමතිස්සෙම පැටළුවා විතරයි...ඔහු කවුද හෝ ඒ ඇයි කියන අරමුණ ඔහුට පෙන්වන්න අවශ්‍ය නැහැ..සමහරවිට ඔහු එය මදිකමක් සේ දකිනවා විය හැකියි..නැතිනම් වෙනත් හේතුවක් විය හැකියි...ඒ නිසාමයි මම ඒ එකගතාවයට ආවේ..ඒ එන කෙනා ඔවේන් නම් ඔහු මා ලගින් ‍යන්නේ නැහැ..මොකද ඔහුට ඕනේ නැහැ පමණට වඩා අවධානයට ලක්වෙන්න..හැබැයි ඒ ඔවේන් නෙවේනම් ඔහු කැබ් රියට නැගි මොහොතේම යා යුතුයි..මොකද ඔහුට මා පාරේ ගමන් කරන එක් මිනිසෙකු පමණක් වෙන නිසා..මම ලාවට වගේ හැරිලා බලද්දි කැබ් රිය තිබුනේ හරවන්න සිග්නල් දාලා වුනාත් එය තිබුනෙම එක තැන..පිටතින් සිටි ආරක්ෂකයා වගේම ආපනශාලා සේවයකා මං දිහා බලන් ඉන්නවා දකිද්දි මම ඉක්මනට ඉදිරිය බලාගත්තා..
නිවසට එනතෙක්ම මම ආවේ ඉදිරිය බලාගෙන විතරයි..හෝන් හඩකටවත් වැරදිලාවත් හැරිලා බැලුවේ නැහැ...නිවසට ආපු ගමන් මම කෙලින්ම කාමරේට වැදී දොර වසාගත්තා..ඒ ක්ෂණිකවම ගත්තේ උපේඛා අක්කාට වුනත් ඇය ඒ මොහොතේ ඔන්ලයින් හිටියේ නැහැ..මම එහෙනම් අවසානයේ ඔවේන්ව දැක්කා..අපි මූණට මූණ හම්බුනා..ඒත් ඇයි මට ඒක හමුවීමක් කියන්න බැරි..
ඒක හරි අමුතුයි..මම වෙනදාට ආරක්ෂයෙක් වගේ ඇදන් ඉන්න පුද්ගලයෙක් දැක්කත් සැකෙන් බලන්නේ.. ගැස්මෙන් ඉන්නේ..ඒ වුනත් අද ඔවුන් ලගට යනකම්වත් මගේ හිතේ කිසි සැකයක් බයක් තිබුනේ නැහැ..මට හොදටම විශ්වාසයි මම වෙන සිහියකින් හිටියේ නැහැ කියන්න..සමහරවිට ඒ අයිස්ක්‍රීම් එක නිසාද කියලා මට මොහොතකට හිතුනා..මොකද කන වෙලාවට මගේ අවධානය කෑමෙන් පිටතට යනවා හරිම අඩුයි..මම ආපනශාලාව වෙත ළංවෙද්දිම එයින් පිටතට පැමිණි පුද්ගලයා ඔවේන් කියලා හදුනාගත්තේ පළවෙනි තත්පරේමයි..ඒ වුනත් කිසිම බයක් ගැස්මක් මගේ හිතට ආවේ නැහැ..අඩුම තරමේ මාව තිගැස්සුනේවත් නැහැ..කැබ් රිය වෙත ගමන් කළ ඔවේන් වුනත් හැරිලා බැලුවේ එහා පසින් ආවේ කවුද කියලා බලන්න වගේ..ඔහු යනගමන් හැරිලා බලලා ඉදිරිය බලාගත්තා..අපේ ඇස් තත්පර භාගයක්වත් හමුනොවෙන්න ඇති..ඒ එක්කම මම එතන පසුකරගෙන ඉදිරියට ගියා..මේ අහම්බයක් වෙන්න බැරිද ? මම ඉන්නේ වැරදි වැටහීමකද ?
******
' ඒ ඔවේන් නෙවේ කියලාත් හිතෙනවා..' මම දුෂී එක්ක කිව්වේ ආයෙමත් ඒ සිදුවීම මතක් කරගෙන..
' අයියෝ අක්කා..මූණට මූණත් හම්බෙලා ඒ ඔවේන් නෙවේලු..පිස්සුද අප්පා ඔයාට..' දුෂී සැරෙන් වගේ කිව්වේ මම අදහස් කරපු දේ වැරදියට වටහගෙන..
' ඒක නෙවේ කෙල්ලේ කියන්නේ..ඒ ආවේ ඔවේන් තමයි..ඒ වුනත් අපේ සීන්වලට සම්බන්ධ ඔවේන් නෙවේ කියලා හිතෙනවා..'
' ආයේ පටන් ගත්තාද ? ' ඇය කිව්වේ නොරිස්සුමෙන්..මම කරේ මෝඩයෙක් වගේ හිනාවුන එක..

Evil Rain 02 ( නපුරු වැස්ස 02 )Where stories live. Discover now