පීක්......පීක්.... පීක්
මහ පාන්දර දෙක තුන වෙනකන් අල්ලුගෙ ෆිල්ම් එකකුත් බලලා ඒකෙ ඉන්න කෑල්ලට පැණිත් හලලා නිදාගත්ත සහීම උඩ ගිහින් ඇහැරුනේ පාන්දරම ලියුම් මහත්තයා හෝන් එක උඩ ඉදගෙන සහීමලාගෙ ගෙදරට හෝන් ගහන නිසා.
අම්මා... අම්මේ..... අම්මා... අම්මෝ...
නැගිටින්න තියෙන කම්මැලිකම නිසාම සහීම ඇදේ ඉදගෙනම අම්මට කෑ ගැහුවා. හැබැයි අම්මනම් නෙවේ ඇයි ඇහුවේ..
හුටා .. උදේ පාන්දර කිව්වට වෙලාව උදේ 10ත් පහුවෙලානෙ. අනික අද සදුදනේ අම්මා ඉස්කෝලෙ ගිහින් ඇති
සහීම එයාටම කියාගෙන නින්දෙන්ම උඩට ඇකිලිලා ඇවිත් තිබ්බ සුදු දිග කොට්න් කලිසම පහලට දාගෙන හුඩී එකත් දාගෙන ඇද ලග ගලවලා තිබුන රබර් සැඩ්ල්ස් දෙකත් දාගෙන අඩ නින්දෙන්ම ගියේ ලියුම් මාමා දෙන්න ඇවිත් තියෙන ලියුම ගන්න.
ආ.. සහීම ළමයෝ... මං හිතුවෙ ගෙදර කවුරුත් නෑ කියලා.. ඉස්කෝලෙ නෝනයි බණ්ඩාර මහත්තයයිනම් ඉස්කෝලෙ ගිහින් වෙන්ටෑ කියලා හිතුවත් ඔය ළමයා ඇති කියලා හිතලයි හෝන් කලේ.. එලියට ආවෙ නැති නිසා මේ යන්න කියලා හැදුවේ...
ලියුම් මහත්තයා එහෙම කියන කොට සහීම ලාවට හිනා උනා..
ඔව් මාමෙ.. ඒ දෙන්නා ඉස්කෝලෙ ගියා .. මාත් මේ ඊයෙ රෑ වෙනකන් පාඩම් වැඩ වාගයක් කලා අනේ නිදාගන්න පරක්කු උනා. දැන් මේ ඇහැරුනේ ...
එහෙම කියනගමන් සහීම හිනා උනේ ඊයෙ රෑ බලපු ෆිල්ම් එක මතක් වෙලා...
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?