📞... ඔව් කියපන් මනූක
📞.. දැන් උඹ යනවද....
📞.. ඔව් බං මම යන්න කියලා ඉතිං.. බයික් එකේනෙ යන්නෙ ඒ නිසා ශේප්
📞... හ්ම්. උඹ ඉතිං කිව්වට ඉන්නවා ඈ...ලබන මාසෙ අග ගැජුවේෂන් එක කියලා ගෲප් එකේ මැසේජ් දාලා තිබ්බා ඉතිං ඒකටත් ඉදලම පලයම්කො සහීමයෝ
📞.. අනේ ඉතිං ඒකට අම්මලත් එක්කන් එන්න එපෑ ඕයි.. ඒ නිසා එයාලා එක්කම එන්නම්
📞.. අනේ බෞකාපන් සහීම................
උදේම නැගිටලා ආයෙමත් බණ්ඩාරවෙල යන්න හැදුව සහීමට උදේම ආවෙ මනූකගෙ කෝල් එක... ඉතිං ලෑස්ති වෙලා උදේ කෑමත් කාලා සහීම ආයෙම ගෙදර යන්නේ ලබන මාසෙ එයාලගෙ ග්‍රැජුවේෂන් එක නිසා ආයෙමත් කොළඹ එන්න ඕනි කියලා නැන්දලාටත් කියලා...
බීප්... බීප්...
බයික් එකට නගින්න කලින් සහීමට ෆෝන් එක වයිබ්රේට් වෙනවා දැනුනා...
💬..sahima bro.. oya ada yanawada
ඒ මැසේජ් එක හේසුගෙන්.. අද එයා යනවා කියලා හේසුට කියන්න අමතක උනත් මනූකයා ඒ වැඩේ අගේට කරලා.. සහීම එයාටත් රිප්ලයි කරලා නැන්දටයි මාමටයි වැදලා ගෙදර යන්න පිටත් උනා...
උදේ 9.30ට වගේ කොලඹින් පිටත් උන සහීම ආයෙම ගෙදර යනකොට හවස හතරත් පහුවෙලා..මොකද සහීම තනියම චිල් එකේ එයාගෙ ගමන ගිය නිසා.. කොළඹ බදුල්ල රූට් එකේ තියන ලස්සන විද විද තැන තැන නවත්ත නවත්ත අහුවෙන හැම තැනකින්ම කකා හරිම නිදහසේ තමයි සහීම මේ ගමන් ගියේ...ඒ නිසා වෙලාවේ ගානක්වත් සහීමට තිබ්බෙ නෑ..
සහීම ගෙදර යනකොට අම්මලත් ඉස්කෝලෙ ඇරිලා ඇවිත් හිටිය නිසා සහීම නැන්දලටත් කෝල් එකක් අරන් මනූකටයි හේසුටයිත් මැසේජ් දාලා ෆෝන් එකත් චාර්ජ් එකට දාලා සහීම වොශ් එකකුත් දාගෙන ඇවිත් ඇදට වැටුනේ ටිකක් නිදාගන්න හිතාගෙන..
**************
" අනේ මේ තාත්තා ඔයා ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්නවද.. මගේ දේවල් වලට ඔයා ඕනිවට වඩා ඇගිලි ගහන්න එන්න එපා.. මම හැමදාම ඔයාට මේක කියනවා ඔයා අහන පාටක් නෑනේද.. අම්මපා මට එපා උනොත් ආයෙම ඕස්ට්‍රේලියා යනවා නොඑන්නම..මල කරුමයක් උනානෙ මේක"
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?