19

1.1K 142 24
                                    

පීක්.... පීක්....

මනූක කාර් එක සහීමලාගෙ ගේට් එක ලග නවත්තලා හෝන් කරද්දි නැන්දා ඇවිත් ගේට් එක ඇරිය...

" එන්න පුතා.. සහීම වොෂ් රූම් එකේ.. ඔයා ඇවිත් වාඩි වෙන්නකො කාලම යන්න බැරියෑ."

කාර් එකේ දොර ඇරන් එළියට බැහැපු මනූකට නැන්දා එහෙම කියද්දිම කාර් එකේ අනික් දොරවලුත් ඇරෙද්දි නැන්දා කටත් ඇරන් ඒ පැත්තට හැරුනා..

" කවුද පුතා මේ ලස්සන කොල්ලො  දෙන්නා "

කාර් එකෙන් බැස්ස මයෝන්වයි හේෂ්වයි දැකපු නැන්දා මනූකගෙ කනට කරලා රහසින් වගේ ඇහුවේ පුදුම වෙන ගමන්.

" අනේ මේ අපේ අයියලා දෙන්නෙක් නැන්දේ.. මේ ඉන්නෙ මයෝන් , මේ හේෂ්.. හේෂ් කියන්නෙ අපේ හේසුගෙ අයියා... නැන්දට මතකයිනෙ "

මනූක නැන්දට ඒ දෙන්නව අදුන්නලා දෙද්දි නැන්දත් ඒ දෙන්නට ලස්සන හිනාවක් දීලා ඔලුව වැනුවා.

" මම බණ්ඩාරවෙල යනවා කිව්වම මෙයාලටත් එන්න ඕනි උනා නැන්දෙ බලන්නකො. කාලෙකින් කොහෙවත් ගියෙ නෑ ඒ නිසා එහෙ යන්න එනවා කියලා බලෙන් ප්ලග් වෙලා ආවා නැන්දෙ එපා කිව්වට ඇහුවේ නෑ.. මම ඉතිං එක්කන් ආව මායි සහීමයි එහෙ යනවා මේ දෙන්නව බණ්ඩාරවෙලින් බස්සලා ඕනි මගුලක් කරගන්න කියනවා. මල වදේ... මම තාම සහීමට කිව්වෙත් නෑ... "

මනූක හේෂ්ටයි මයෝන්ට රවාගෙන එහෙම කිව්වා

" පිස්සුද පුතා මේ ළමයිව එහෙම කොහෙවත් යවන්න එපා . සහීලගෙ ගෙදර එක්ක යන්න මොකෝ එහෙ ඉඩ නෑ කියලා හිතුවද. මම අයියට කෝල් එකක් දෙන්නම්. පිස්සු නැතුව ඔයාලා ගිහින් ඒ පැත්ත බලලා කරලා එන්න තනියම නැතුව කට්ටියම යන එක කොච්චර දෙයක්ද. දැන් ඉතිං කට්ටියම ගෙට එන්න කෑම ටිකක් කාලා පිටත් වෙන්න. සහීම ලෑස්ති වෙනවා.. "

නැන්දා හේෂ්ට තට්ටුවකුත් දාගෙන ගෙට යනකොට මයෝන් හේෂ්ව ඇදගෙන ගෙට ගියෙ තවත් මෙතන හිටියොත් මනූකගෙ රැවිල්ලට ඒ දෙන්නව පිච්චිලා යයි කියලා බයට වගේ.

🕦🕦🕦🕦🕦 පැයකට පෙර.....

" මනූ... ළමයෝ මෙන්න ඔයාට කෝල් එකක්. ඔයාගෙ ෆෝන් එක වැඩ කරන්නැද්ද. "

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now