වසරකට පෙර....
හ්ම්... දැන් යන්න අයියෙ. මට පොඩ්ඩක් තනියම ඉන්න ඕනි... ඔයාලා වැඩ ටික කරගන්න දැන් එන්ගේජ්මන්ට් එකත් ලග ඇතිනේ......... එහෙනම් පරිස්සමෙන්. මනූකට මම කෝල් එකක් දෙන්නම් කියන්න. හේසුටත් මම කතා කරන්නම්....... "
පැය කීපයට පෙර.... ✨
" හේෂ් තමුන් කොහෙද මේ යන්න හදන්නෙ "
හේෂ් පඩිපෙල දිගේ පහලට දුවගෙන ආවෙ සහීමලාගෙ ගෙදර යන්න උනත් රාජේන්ද්‍රගෙ කටහඩට වේගෙ බාල කරලා රාජේන්ද්‍ර ඉන්න පැත්ත හැරිලා කට කොනෙන් හිනා උනා.
" හිනාවෙන්න නෙවේ හේෂ් මං තමුන්ගෙන් ඇහුවේ මේ හවස කොහෙද යන්නෙ කියලා.. "
" මම යන්නෙ මට ඕනි දිහාක. තාත්තා ඒක ප්‍රශ්නයක් කරගන්නැතුව ඉන්නවනම් මම කැමති "
මෑත කාලෙක දෙන්නා අතර මේ වගේ කතාබහක් ඇරෙන්න හිත හොදින් කතා බහක් ඇහෙන්නෙම නැති නිසා මේ ගෙදරට ඒක අරුමයක් නෙවේ..
" හුම්......... හේෂ් පුතා... "
දිග හුස්මක් පහලට දාපු රාජේන්ද්‍ර හේෂ්ට කතාකලේ කවදාවත් නැති තරම් මෘදුව වෙද්දි හේෂ්ව ඒ හඩට ගැස්සුනා.
" අපි පොඩ්ඩක් කතා කරමු... එන්න "
හේෂ්ගෙ ළගට ඇවිත් හේෂ්ගෙ කර වටේට අත දාලා හේෂ්ව එක්කගෙන සෝපා එකෙන් වාඩි උන රාජේන්ද්‍ර ලොකු කතාවකට මුලපුරන වග තේරුන නිසා හේෂුත් ඒ කතාව අහන්න සූදානම් උනා..
" පුතා මුලින්ම මට සමාවෙන්න "
රාජේන්ද්‍ර අත් දෙක එකට මිටි කරන් කියද්දි හේෂ් ඒ දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථයක් මූණෙ තියාගෙන.
" ඇයි.. ඇයි ඔයා මගෙන් සමාව ගන්නේ "
" හික්ස් , හේෂ් හොදටම දන්නවා මම ඔයාගෙන් සමාව ගන්නෙ ඇයි කියලා.... ඔයා හැමදාම කියනවා වගේ ඔයාගෙ ජීවිතේ සතුට උදුරගත්ත සල්ලි කියන දේ ජීවිතේ පලවෙනි තැන කරගත්ත හිතක් පපුවක් නැති තාත්තා කෙනෙක්නෙ මං. හැබැයි පුතේ මම ඒ හැමදේම කලේ ඔයාලා වෙනුවෙන් උනත් මට දැන් තේරෙනවා ඔයාලා වෙනුවෙන් සල්ලි හම්බකරද්දි මට ඔයාලව මග ඇරිලා කියලා "
රාජේන්ද්‍රගෙ මූණෙ තියෙන පසුතැවීම හේෂ් දැක්කත් තාමත් හේෂ්ට හිතාගන්න බෑ මෙතන මොකද වෙන්නෙ කියලා. ඉතිං හේෂ් කලේ හූමිටි තිබ්බ එක..
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?