12

1.4K 191 21
                                    

වෑන් එක හේෂ්ලගෙ ගාඩ්න් එකට දැම්මහම හැමෝම ඉක්මන්ට බැහැගත්තෙ ගෙවල් වලට ගිහින් රෙස්ට් කරන්න තිබ්බ හදිස්සිය නිසා...

" අනෙව් හේෂ් අයියාහ්.. මාවයි නංගිවයි ගෙදරින් ඩ්‍රොප් කරනව ද ඔයා. මට හරිම ටයඩ් අනෙහ්.. "

එළියට  බැහැපුගමන් අශිනි එහෙම කියාගෙන හේෂ්ගෙ අතේ එල්ලුනා..

" අහ් සොරි අශිනි අයියට ඔයාව දාන්න යන්න වෙන්නෑ.  එයාට සහීමව ඩ්‍රොප් කරන්න වෙනවා සෝ අපේ අම්මි ඔයාලව අපේ පියල් ( ඩ්‍රයිවර් ) එක්ක යවයි. ඔයා ගෙට ගිහින් අම්මිව මීට් වෙන්නකො "

හේෂ් මොකුත් කියන්න කලින් හේසු එහෙම කිව්වෙ මුලු ගමනෙදිම ඒ වසංගත දෙක එක්ක තිබ්බ තරහා පිටදානගමන්..

"අහ් අනේ හේසු කමක්නෑ.. මම ටැක්සි... අහ්..ආව් යකූ "

සහීම කියන්න ගියදේ කියලා ඉවර කරන්න කලින් හේසු එයාගෙ වැලමිටෙන් සහීමගෙ බඩට ඇන්නපාර සහීම කියන්න ගිය දේ නවත්තගතේ හේසු රවාගෙන සහීම දිහා බලනකොට..

" අම්මෝ මහ එකා වගේමයි පොඩි එකිත් , අයියගෙ රැවිල්ල ලස්සනට පිහිටලා තියෙනවා.. "

සහීම දිවත් දික් කරලා හේසුට එහෙම කියද්දි හේසු හිනා උනා..

" ඔය රණ්ඩු ඉවරනම් යමුද.. මට තව වැඩ තියෙනවා "

සහීමගෙයි හේසුගෙයි සූටි වලිය දිහා බලන් හිටිය හේෂ් එහෙම කිව්වෙ එයාගෙ කාර් එකේ කී එක අතට ගන්න ගමන්

" සහීම ඔයා එහෙනම් හේෂ් අයියා එක්ක යන්න... මම ඔයාව පස්සෙ හම්බෙන්නම්.. ඔයා එක්ක කතා කරන්න ඕනි "

වෙනදට මේ වෙනකොට එකට දහයක් කියවන මනූක සහීම ලගට ඇවිත් එහෙම කිව්වෙ හොර වැඩක් කරලා අහු උන පොඩි එකෙක් අම්මට උත්තර බදිනවා වගේ බිම බලාගෙන.

" අහ් හ්ම්.. "

සහීම හූමිට තිබ්බෙ මනූක එයාගෙන් හංගපු දෙයක් තියෙනවා කියලා මේ මුලු ට්‍රිප් එකේදිම එයාට තේරුන නිසා ඇතිවෙච්ච හිතේ අමාරුවට

" හ්ම්.. ඇයි දැන් ආ.. ඇයි හ්ම් ගාන්නෙ "

" මොකුත් නෑ ඉතිං.. මම හා කියලා කිව්වෙ "

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now