" හේෂ් අයියාහ් එහෙනම් අපි මෙයාලා යන තැනින් ඩ්‍රොප් කරලම රින්ග්ස් බලන්න යමු නේහ් අනේව් "
අශිනි එහෙම කියද්දි හේසු අශිනිට දුන්නේ wtf බැල්මක්.
" උප්ස් , සොරි අශිනි.. ඔයාට කලින් කියන්න බැරි උනානෙ ඔයාලගෙ වෙඩින් එකේ පේජ් බෝයිස්ලට ඉන්නේ මේ දෙන්නා ඇන්ඩ් අර මනමාලයගෙ කකුල් සෝදන්න ඉන්නේ මනූක සෝ එයාටත් මුද්දක් දෙන්න ඕනිනේ. ඒ නිසා අපිත් එනවා ඔයාල එක්කම.. "
හේසු කිසිම ගානක් නැතුව සාක්කුවේ තිබ්බ මින්ට් කාඩ් එකෙන් මින්ට් එකක් කඩලා හේසු කිව්ව දේවල් ඔලුවට දාගන්නගමන් කටත් ඇරන් ඉන්න අශිනිට දික් කරනගමන් කිව්වා.
ඒ අස්සෙ ඩ්‍රයිවින් සීට් එකේ හිටිය හේෂ්ට හිනා ගියේ හේසු කිව්ව පේජ් බෝයි කතාවට. හැබැයි මේ වෙලාවේ හේෂ් ඇහිපිල්ලමක් ගැහුවත් ඔරව ඔරව ඉන්න සහී හේෂ් හිනාවෙනවත් එක්කම හේෂ්ගෙ අතේ සුදුහම නියපොතු අස්සටම ගන්නගමන් කෙනිත්තුව පාරට හේෂ් මුලු කාර් එකම දෙක වෙන්න කෑ ගැහුවා. ඇත්තටම කෑ ගැහුවා නෙවේ හේෂ්ට කෑ ගැහුනා..
" ඇයි හේෂ් අයියාහ්.. මුකද උනේ අනෙව් ඔයාට"
" ක්හ්..ක්හ්..මොකුත් නෑ අශිනි මේ කූඹියෙක් කෑවද කොහෙද "
නිකමටවත් පිටිපස්ස බලන්නැතුව හේෂ් උත්තර දුන්නේ මේ වෙලාවෙ නිකම් හරි පිටිපස්ස බැලුවොත් අතේ හම ගැහුවා වගේ තව කොහෙ හරි හම ගහන්න වෙනවා කියලා දන්න නිසා.
මුතුකරුප්පන් එකට ඇවිත් වාහනේ පාක් කරාට පස්සෙ හේසු දොර ලග වාඩි වෙලා හිටිය අශිනිව තල්ලු කරලා වගේ එලියට දාලා එයත් එලියට බැහිද්දි මනූකත් අනික් පැත්තෙන් බැස්සා.
" මැණික... ඒක රිදුනා අනේ "
හම්බුන ඉඩෙන් හේෂ් සහීමගෙ මූණට එබිලා අඩන්න ඔන්න මෙන්ම මූණත් හදන් කිව්වා.
" ආ ඇත්තදූ... ඉතිං මට ප..ක..ද.... , ඔයිට වඩා මගේ මේ මෙතන රිදෙනවා.. තමුසෙ මා එක්ක යන්න ඕනි මා එක්ක කරන්න ඕනි දේවල් අර ගොං හුට්ට එක්ක කරද්දි ඔයිට වඩා මෙතන රිදෙනවා.. "
සහීම හේෂ්ගෙ පපුවට ඇන ඇන එයාට එතන රිදෙනවා කියද්දි හේෂ් කලේ එයාගෙ පපුවට අනින සහීමගෙ අත තද කරලා අල්ල ගත්ත එක. මොකද හේෂ් දන්නවා සහීම මෙහෙම කාගෙන හිටියට ඇත්තටම කොල්ලා ඉන්නේ දුකින් වග.
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Любовные романыඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?