15

1.2K 168 8
                                    

කට්ටියම හේෂ්ගෙ නම කියලා කතා කරනවා හීනෙන් ඇහෙන නිසා හේෂ්ගෙ මත් වෙලා පියවෙලා තියෙන ඇස් දෙක බාගෙට ඇරලා බැලුවා... ඒ ඇස් රතුම රතු පාටයි.. හේෂ්ව ඇගට වාරු කරන් ඉන්න සහීමට හේෂ්ගෙ හුස්මෙන් එන්නෙ බියර් එක්ක සිගරට් ගද මික්ස් උන මත් උන සුවදක්..

" ස්... සහී....ම... බ්..බබා "

හේෂ් අමරුවෙන් කතා කලේ එයාව වාරුකරන් ඉන්න සහීමව පියවුන ඇස් වලින් දැකපු නිසා සහීමගෙ උනුහුමට තව ගුලිවෙන ගමන්.. හේෂ් කොහොමත් පියවි සිහියෙන් නෙවෙයි ඉන්නේ..

" අපි මොකද මයෝන් අයියා කරන්නේ. මට පේන්නෙ මෙයා ඊයෙ රෑ ඉදන් මේ වෙනකන් බීලා හොදටම "

හේසු මයෝන්ගෙන් එහෙම ඇහුවෙ හේෂ්ව තුරුල් කරන් ඉන්න සහීම දිහා බලාගෙන.

" අපි දැන් මූව මෙතනින් අරන් යන්. මම ඩොක්ටර් ජීවන්තට කෝල් එකක් දාන්නම්. යනගමන් අපි මේ යකාව ඩොක්ටර් ළගටත් එක්ක ගිහින් පෙන්නමු. පොර කොහොමත් මූ ගැන දන්න නිසා අවුලක් නෑනෙ.. මුගෙ ඇගේ ඇල්කොහොල් වැඩි වෙලා මොකක් හරි  පේන් එකක් ආවොත් එහෙම "

මයෝන් එහෙම කියනගමන් ඩොකටර්ට කෝල් එකක් ගත්තා. අනික් අය හේෂ්ව වත්තම් කරගෙන අරන් ආවේ හේෂ්ගෙ කාර් එක ලගට..

" මම හේෂ්ගෙ කාර් එක ගන්නම් , මල්ලි උඹ හේෂ් එක්ක පිටිපස්සට නැගහන්. "

උදුල් එහෙම කියන ගමන් හේෂ්ගෙ කාර් එකේ  පිටිපස්සෙ දොර අරිද්දිම හේෂ්ව ඇතුලට දාලා සහීමත් එහෙම්මම නැග්ගෙ මේ වෙලාවෙ එයා ගැන කවුරු මොනවා හිතයිද කියලා එයාට කිසිම ගානක් නැති වෙද්දි.. මේ හැමදේ ගැනම අහන්න ප්‍රශ්න ගොඩක් මනූකට මේ වෙද්දි ඇති කියලා විතරක් සහීමගෙ ඔලුවෙ තිබ්බා.

" හරි මචං  එහෙනම් ඔහොම්මම ඩොකටර් ජීවන්තගේ හොස්පිටල් එකට යමන්.. මනූ ඔයා හේසු එක්ක එන්න එහෙනම් මම යන්නම් රාකේෂ් එක්ක. හිමීට පදින්න දැන් රෑ වෙලා නිසා , අපේ පස්සෙන්ම එන්න් තේරුනාද... හේසු ගේ දොර වහන්නෙ කොහොමද  "

කොච්චර පිස්සු නැටුවත් මේ වගේ වෙලාවක මයෝන්  වගකීමෙන් වැඩකරන මනුස්සයෙක් වෙනවා. ඒ නිසා කිසිම බයක් නැතුව මයෝන්ට ඕනි සිටුවේශන් එකකට එන්ටර් වෙන්න දෙන්න දෙපාරක් හිතන්න ඕනි නෑ..

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now