48 🧋

800 102 44
                                    

වසරකට පසු ........

" අයිශ්........ එක්කෝ මේ මගුල කපලා දානවා අප්පා . මූණටමනේ වැටෙන්නේ. "

කටුනායක එයාර්පෝර්ට් එකෙන් එලියට එනගමන් සහීම එයාටම මුමුණගත්තේ බෙල්ලෙන් පහලට වැවිලා වුල්ෆ් කට් එක කරගෙන තිබ්බ කොන්ඩෙ අල්ලලා වෝටර් බෑන්ඩ් එකකින් බැදගන්න ගමන්.. කන් දෙකත් පියසින් කරලා චූටි ඉයරින්ග්ස් දෙකත් දාලා වුල්ෆ්කට් එක කපපු කොන්ඩෙට වෝටර් බෑන්ඩ් එක දැම්මම සහීමගෙන් පෙනුනේ කලින්ට වඩා හුරතල් පෙනුමක්

Drr........Dr....... 📞

සාක්කුවේ වයිබ්‍රේට් වෙන ෆෝන් එකත් කනේ ගහගන්න ගමන් බැක් පැක් එක එල්ලන් ලැගේජ් එකත් තල්ලුකරගෙනම සහීම ඉක්මන්ට ඉක්මන්ට එලියට එන්න ආවේ ටැක්සි එකක්වත් ගන්න හිතාගෙන.

📞..... හලෝ අම්මා.... මම ටැක්සි එකක් දාන් එන්නම් . දැන් එලියෙ ඉන්නේ.

📞..... හරි පුතා , මෙහෙටනෙ එන්නෙ කෙලින්ම. නැන්දලාට කතා කලාද.

📞..... ඔව් ඔව් නැතුව වෙන කොහෙ යන්නද ඒයි මං.. අවුරුද්දකින් දැක්කෙත් නෑ මගෙ සුදු නෝනව..... නැන්දලාට ගන්නම් මං එයාලා නිදි ඇති අප්පා එහෙට තාම රෑනෙ.....

📞..... හරි හරි එහෙනම් පරිස්සමෙන් එන්නකො. මම උයලා තියන්නම්.. බුදුසරණයි

ෆෝන් එක කට් කරලා සාක්කුවට දාගත්ත සහීම ලොකු හුස්මක් උඩට අරන් පහලට දැම්මේ එයා ආදරේ කරපු ආදරේ විදපු විදවපු ගෙන්දගම් පොලොවට ආයෙමත් අවුරුද්දකින් පය තියපු සතුටටද නැත්තම් දුකටද කියන්න සහීමට තේරුනේ නෑ...

එදා රෑ මයෝන් හේෂ්ව එක්කගෙන යද්දි ඊට දවස් දෙකකට පස්සෙ අභීත අයියට  රෙසිග්නේෂන් දීලා සහීම ආයෙමත් බණ්ඩාරවෙලට ගියා වෙද්දි මනූක , හේසු , මයෝන් විතරක් නෙවේ අභීත සමාධි පවා සහීමට විටින් විට කෝල් අරන් ආයෙමත් කොළඹ එන්න කියද්දි හේෂ්ගෙන් එකම එක ෆෝන් කෝල් එකක් නැති නිසා සහීමගෙ හිත තව තවත් මුරණ්ඩු උනා....

ඊට සතියකට විතර පස්සෙ ඩිලාන්ගෙ ඔෆිස් එකෙන් එයාව නිව්සීලන්ඩ් බ්‍රාන්ච් එකකට ට්‍රාන්සර් කරද්දි  ෆැමිලි එකටම එහෙට යන්න චාන්ස් එක හම්බුනේ නැන්දව වගේම සහීමවත් එහෙට එක්කන් යන්න ගීතිකා වගේම නිහාල් ඩිලාන්ට අවසර දෙද්දි...

Default Title -  අයිස් කොෆී 🧋🧋   ( Complete Bl Story ✔️✔️ )Where stories live. Discover now