" දැන් ඉතිං පුතාලා කොහෙද යන්න හිතන් ඉන්නේ... "
කට්ටියම රෑට කෑම කන ගමන් නිහාල් ඇහුවේ මයෝනුයි හේෂුයි බණ්ඩාරවෙල ආවෙ මෙහෙ ඇවිදලා යන්න කියලා සහීම අම්මටයි තාත්තටයි කිව්ව නිසා... එහෙම කිව්වට මොකද ඇවිදින්න තියෙන්නේ කොහෙද කියලවත් දන්නැති හේෂුයි මයෝනුයි දෙන්නම නිහාල් අහපු ප්රශ්නෙට උත්තර දෙනවා වෙනුවට බැලුවේ සහීම දිහා.
" ඒක තමා තාත්තේ මේ ඩබල ආවට මොකෝ දන්නෙ නයින් ආර්ච් එකයි , ඇඩිසන් එකයි විතරයි.. මායි මනූකයත් බැලුවේ මෙයාලා එක්ක පොඩ්ඩක් ඇවිදින්න යන්න. කාලෙකින් ගියෙත් නෑනෙ මාත් "
හේෂ්ටයි මයෝන්ටයි රවන ගමන් සහීම ඇග බේරගත්තා." ආ ඔව් එක හොදයි පුතා අපිත් හෙට ස්කූල් ගියාම ඔය දෙන්නා විතරයිනේ ඒ නිසා එහෙම යන එක හොදයි.. ඔය ප්ලේසස් දෙකත් බලාගෙන ලිට්ල් ඇඩම්ස්පීකුත් ගිහින් එහෙම්මම හවස් වෙන්න ඇරලා මුතියංගනෙටත් ගිහින් ආවනම් ඉවරයි... "
නිහාල් එහෙම කිව්වේ කොළඹින් ආව කොල්ලො තුන්දෙනාට මේ පළාතෙ තියෙන පරිසරය වෙනසක් දැනෙයි කියලා බලාපොරොත්තුවෙන්..
" හරි හරි පුතාලා කැමති දිහාක ගිහින් පරිස්සමෙන් රෑ වෙන්න කලියෙන් ආයෙ ගෙදර එන්නකෝ... දැන් කෑම කාලා නිදාගන්න... ඔයාලා හතර දෙනා ඇතුලෙ කාබර දෙකේ ඉන්නකෝ.. මායි තාත්තයි එලියෙ කාබරේට යන්නම්.. හැබැයි ඉතිං උදේ හතරට මට දොර අරින්න සහීම හරිද. "
මේ ඉන්න කොල්ලො හතර දෙනාම හොද පිරිමිකම තියෙන හයේ හතරේ කොල්ලො උනාට අම්මා කෙනෙක් උන ගීතිකාගෙ ඇස් වලට ඒ හතර දෙනාම චූටි කොලු පැටව් වෙද්දි ඒ විදිහට කතා කරද්දි හතර දෙනාම කලේ ගීතිකට හිනාවක් දුන්න එක.
" අනේ ආන්ටි ඔයාලා එලියට යන්න ඕනි නෑ අනේ.. මායි මයෝනුයි ඉන්නම් එලියෙ කාබරේ. ඔයාලා ඔයාලගෙ රූම් එකේ ඉන්න. "
මේ වගේ වෙලාවක සහීම එක්ක එකම කාබරේ ශෙයා කරගන්න තියෙන ආශාව පැත්තක දාලා මෙච්චර ආදරෙන් සලකන ඒ මිනිස්සුන්ට ඒ වචන ටික හේෂ් කිව්වේ ඇත්තටමයි.
" අයියෝ ඒක ප්රශ්නයක් නෑ පුතා අපි දන්නැද්ද තරුණ ළමයි ගැන. ඔයාලා දැන් කියව කියව ඉදලා ලයිට් නිවලා නිදාගන්නකොට අපි දෙන්නට උදේට උයන්නත් නැගිටින්න පුලුවන් වෙයි.. ඒක ගැන එච්චර හිතන්න එපා අනේ. "
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?