වෙඩින් කාඩ් එක දිහා බලාගෙනම සහීම ආයෙමත් හැරිලා බැලුවේ එයාගෙ ගෙවිලා ගිය මාස හයක අතීතෙ දිහා.
ඒ බං අපි දැන් ට්‍රේනින් යන්න ඕනි නේද මනුස්සයෝ.. තැනක් හොයාගන්නත් ඕනි රත්තරනේ
ක්ලාස් එකට ගොඩ වෙනවත් එක්කම සහීමගෙ ඇගට කඩා පැන්නෙ ඩිග්රි එක කරන්න කොළඹ ආව පලවෙනි දවසෙ ඉදන් මේ වෙනකන්ම සහීමගෙ දුකට සැපට විතරක් නෙවේ සහීමගෙ හැම ප්‍රශ්නෙකදිම ලගම හිටිය අතිජාත මිත්‍රයා මනූක සහස් දේවප්‍රිය. දේවප්‍රිය ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකේ අනාගත CEO...
ඉතිං මොට්ටපාලයෝ උඹ මෙතන වැලලෙන්න හදන්නෙ නිකන් උඹට ට්‍රේනින් යන්න තැන් හොයන්න ඕනි වගේනේ යකෝ.. මහා පරිමාණෙ බිස්නස් එකක් හැඩ්ල් කරන මිසටර් දේවප්‍රියගේ මාන්දමික පුත්‍රරත්නය කියනවා ට්‍රේනින් යන්න තැනක් හොයාගන්න ඕනි කියලා ... පුහ්..
සහීම කට කොනෙන් හිනාවීගෙනම එහෙම කිව්වෙ මනූක කවදාවත් තමන්ගෙ සල්ලි බලේ පෙන්නලා කාවවත් පහත් කරන්නෙවත් තාත්තගෙ බලපුලුවන්කාරකම් ඔලුවට අරන් ජීවත් වෙන මනුස්සයෙක්වත් නොවන වග දැනගෙනමයි.
අනේ මේ සහී බබා අපේ මහ උන්දා එක්ක එක වහලක් යට මං ඉන්නෙත් බොහොම අමාරුවෙන් එහෙව් එකේ මටනම් බෑ එතෙන්ටත් ගිහින් අපේ අප්පොච්චා එක්ක වැඩ කරන්න.
බැරෑරුම් මූණකුත් හදාගෙන කියවගෙන යන මනූක දිහා සහීම හිනාවෙවී බලන් හිටියත් සහීමගෙ හිතෙත් ට්‍රේනින් යන ප්‍රශ්නෙ ලොකුවට තිබ්බා..
අහන්නකො සහීම.. අපේ එකේ ට්‍රේනින් යන එක සෙට් වෙන්නෑ.. හැබැයි අපේ තාත්තගෙ යාලුවෙක් ඉන්නවා උඹ දන්නෝද දන්නෑ මිස්ටර් රාජේන්ද්‍ර.. රාජේන්ද්‍ර බ්‍රෑන්ඩ් එකේ අයිතිකාරයා බං ,
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romanceඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?