" මිස්ටර් සහීම , අභීත සර් කැබින් එකට එන්න කිව්වා දැන්මම "
ලැප් එකට එබීගෙන මේල්ස් වගයක් චෙක් කර කර හිටපු සහීමට කේෂි ඇවිත් කියද්දි සහීම නහයට වැටිලා තිබ්බ කණ්නාඩි දෙක හදාගෙන කේෂිට හිනා උනා..
" මට සහීම කියනවා හලෝ ඉස්සරහට මිස්ටර් කෑල්ලක් ඕනි නෑ... අනේ මංදා "
සහීම පුටුවෙන් නැගිටලා කේෂිට කියද්දි කේෂි කලේ හැමදාම වගේ සහීමගෙ උරහිසට තට්ටුවකුත් දාගෙන එතනින් ගිය එක..
සහීම දැන් ෆැක්ට්රි එකට ඇවිත් මාස දෙකකටත් ලගයි.. ඒ මාස දෙකට එයාට පැවරිලා තියෙන වැඩ ටික ඉක්මන්ට අල්ලගත්තා විතරක් නෙවේ ඔෆිස් එකේ හැමෝගෙම ආදරේ දිනාගත්ත කෙනෙකුත් උනා. අභීතව කොච්චර පෞද්ගලිකව අදුරනවා උනාට සහීම හැමවෙලේම එයාට බොස් කෙනෙක්ට දෙන්න ඕනි ගරුත්වේ සැලකිල්ල අනික් අය වගේම දුන්නා.
" එක්ස්කියුස්මි සර්... "
" එන්න සහීම..... වාඩි වෙන්න "
" තැන්කිව් සර්... "
" අනේ බං උඹට මම හැමදාම කියනවා නේද සෑර් , සෑර් ගාන්න එපා කියලා. යකෝ මම තොගෙ මසිනා.. ලොකු අයියා කියන්න බැරිනම් අඩුම අභීත අයියෙවත් කියපන්කො.
අපේ මනුස්සයා ඉද්දි ඔහොම කිව්වොත් ඌ හිතයි මම උඹෙන් මරව මරව වැඩ ගන්නවා කියලා.... "හැමදාම වගේ අභීත සහීමට ඔය වචන ටික කියනවා. ඉතිං අදත් වෙනදා වගේම සහීම කලේ ඒකට උත්තර දීපු එක.
" ඒ උනාට ඔයා මේ ආයතනේ........."
" ආ...ආ... එපා එපා... මට ඕක අහලා දැන් කට පාඩම්.. උඹ ඕනි මගුලක් කියාගනින්.."
අභීත එයාගෙ අත් දෙක ටේබල් එකට බර කරගන්න ගමන් බොරු තරහක් අරගෙන සහීමට කියද්දි සහීමත් ඉතිං පුරුදු කපටි හිනාව දාලා ඒක ශේප් කරා
" ඇයි දැන් එන්න කිව්වේ කියන්නකෝ..මම මේල්ස් ටිකක් චෙක් කරනගමන් ඉදියේ.. "
" අහ් නෑ විශේෂ දෙයක් නෙවේ...... මේකයි හෙට අපේ මාමා එනවලු ෆැක්ට්රි එකට. ඒ කියන්නේ උබහැගේ වෙන්න මාමණ්ඩි..."
අභීත එහෙම කියලා සහීමට ඇහැක් ගහද්දි සහීම ඇස් දෙක ලොකු කරන් කතාවට හොදට කන් දුන්නා. මොකද මොනා උනත් රාජේන්ද්රව මීට කලින් හම්බුනාට මාමණ්ඩි උනාට පස්සෙ හම්බෙන පලවෙනි වතාව මේකනේ..
YOU ARE READING
Default Title - අයිස් කොෆී 🧋🧋 ( Complete Bl Story ✔️✔️ )
Romansaඑයාව වෙනස් කරන්න සහීමට පුලුවන් වෙයිද ?